ශ්‍රීලනිප මූලස්ථානය උණුසුම් වෙයි . . .

ලිපිගොනු කිහිපයක් අතුරුදන්ව ඇති බවට ලද පැමිණිල්ල සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන හේතුවෙන් කිසිදු පාර්ශවයකට කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයට ඇතුළුවීම තාවකාලිකව තහනම් කර තිබෙයි.

මුලික විමර්ශන අවසන් වන තෙක් නිදහස් පක්ෂ මුලස්ථානයට ඇතුළුවීම තහනම් වන බව පොලිසිය සඳහන් කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ තිබූ වැඳගත් ලිපිගොනු කීහිපයක් අතුරුදහන්ව ඇති බවට එම පක්‍ෂයේ වැඩබලන මහලේකම් දුෂ්මන්ත මිත්‍රපාල ඊයේ (05) මරදාන පොලීසියට පැමිණිල්ලක් කර ඇත.

මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් මරදාන පොලීසිය මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇති අතර ඒ හේතුවෙන් අද (06) පස්වරුව තෙක් නිදහස් පක්‍ෂ මූලස්ථානයට ඇතුළුවීම වළක්වා ඇති බව වැඩබලන මහලේකම් දුෂ්මන්ත මිත්‍රපාල පවසයි.

  • dinamina

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ලිබර්ටි ප්‍රතිමාව සෙලවෙයි . . .

Sat Apr 6 , 2024
අමෙරිකාවේ නිව්යෝර්ක් ඇතුළු නැගෙනහිර වෙරළ තීරයට ආසන්න නගරවලට රික්ටර් මාපකයේ ඒකක 4.8ක භූකම්පනයකින් බලපෑම් එල්ල විය. එරට වේලාවෙන් උදෑසන 10.23ට පමණ සිදුවූ එම කම්පනය ෆ්ලඩෙල්ෆියා සිට නිව්යෝර්ක් දක්වා දැනුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි. මේ අතර ප්‍රධාන භූකම්පනයෙන් පසුව පසු කම්පන 11ක් පමණ වාර්තා වී තිබුණු බවද විදෙස් මාධ්‍ය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x