හොරෙන් ගෙනා වාහන ලියාපදිංචිය නවතයි . . .

විවිධ පුද්ගලයින්ට අයත් මොන්ටේරෝ, ලන්ඩ් කෲසර්, මිනිකූපර්, වැනි අධි සුඛෝපභෝගී  වාහන පනස් එකක ලියාපදිංචිය වෙනස් කිරීම හෝ  පැවරීම වළකාලමින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයාට තහනම් නියෝගයක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් ඊයේ (05) නිකුත් කළේය.

මෙම සුඛෝපභෝගී වාහන රේගුවට හොර රහසේ ආනයනය කර රජයට රුපියල් කෝටි 500කට අධික බදු මුදලක් රජයට අහිමි කර ඇති බවට පවසමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ඉදිරිපත් කළ නඩු 51 සලකා බැලීමෙන් පසුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝග  නිකුත් කළේය.

මෙම සුඛෝපභෝගී රථ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට ව්‍යාජ තොරතුරු ඇතුළත් කර ලියාපදිංචි කර ඇතැයිද අල්ලස් කොමිසම කරුණු ඉදිරිපත් කළේය.

කොමිසමේ සහකාර නීති අධ්‍යක්ෂ අනුෂා සම්බන්ධප්පෙරුම අධිකරණයට කරුණු දක්වමින් වැඩිදුරටත් කියා සිටියේ 2015 වසරෙන් පසුව මෙරටට අධි සුඛෝපභෝගී වාහන 178ක් මෙලෙස හොර රහසේ ආනයනය කර ඇති බවට  අල්ලස් කොමිසමේ රහසිගත බුද්ධි ඒකකය කළ විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බවය. රුපියල් කෝටි තුනේ සිට රුපියල් කෝටි 06 අධික වටිනාකමින් යුත් මෙම වාහන හොර රහසේ ලියාපදිංචි කිරීම හේතුවෙන් රජයට විශාල පාඩුවක් සිදුවී ඇති බවද පෙන්වා දුන්නේය.

මේ ලෙස රේගුවට හොර රහසේ ආනයනය කර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ වාහන දෙකකට අදාළව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හා රජයේ නිලධාරීන් හත් දෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර ඇති බවද සඳහන් කළාය.

මෙම සුඛෝපභෝගී වාහන 2015 හා 2019 වසර අතර කාලය තුළ  හොර රහසේ ගෙන්වා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත මකා දමමින් ව්‍යාජ දත්ත ඇතුළත් කර ලියාපදිංචිය සිදු කර ඇති අතර එලෙස ලියාපදිංචි කිරීමේදී 2005 වර්ෂයේ ආනයනය කළ බවට ව්‍යාජ තොරතුරු ඇතුළත් කර ඇති බවද අදාළ පැමිණිලිවල සඳහන්වේ.

සුඛෝපභෝගී වාහනවල වත්මන් ලියාපදිංචි අයිතිකරු නම්කර  වටිනාකම සටහන් දළ ඇස්තමේන්තුවක් සහිතව නඩු පනස් එකක් ගොනුකර කොමිසම ඉදිරිපත් කළ  කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා අදාළ රථ වෙනත් පාර්ශවයකට පැවරීම වළක්වමින්  නියෝග නිකුත් කළේය.

  • රෝෂන් තුෂාර

 



Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ඉන්ධන අලෙවිය අඩුවේ . . .

Sat Apr 6 , 2024
අද වන විට රට තුළ ඉන්ධන අලවිය සියට පනහකින් අඩු වී ඇති බව ඉන්ධනහල් හිමියන්ගේ සංගමය සඳහන් කරයි. ඉන්ධනහල් හිමියන්ට ලබාදෙන සියයට තුනක කොමිස් මුදලට සියයට දහ අටක් වැට් බද්ද අය කරන බවත් සංගමයේ සභාපතිත් ෂෙල්ටන් ප්‍රනාන්දු කියා සිටී. එය අනුව එම අසාධාරණ බද්ධ නතර කරන ලෙස සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x