ජ්‍යෙෂ්ඨ කලාකරුවන්ට විශ්‍රාමික ජීවනාධාරයක් . . .

ටවර් හෝල් රඟහල පදනම ක්‍රියාත්මක කරන විශ්‍රාමික කලාකරුවන් සඳහා විශ්‍රාමික ජීවනාධාර ලබාදීමේ වැඩසටහන යටතේ කලාකරුවන්ට අලුත් අවුරුදු තිළිණ ප්‍රදානය කිරීම අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක ගේ ප්‍රධානත්වයෙන් මෙම තිළිණ ප්‍රදානය කෙරිණි.

ඒ අනුව කලාකරුවන් 20 දෙනෙකු ඇතුළත් කර ගැනීමත්, දැනට මාසිකව රුපියල් 7,500ක විශ්‍රාමික ජීවනාධාරය ලබන කලාකරුවන් 102 දෙනා ද ඇතුළුව සමස්ත කලාකරුවන් 122 දෙනා සඳහා අප්‍රේල් මස සිට රුපියල් 7,500ක දීමනාව රුපියල් 10,000ක් දක්වා වැඩිකර දීම සහ  අලුතින් බඳවා ගත් කලාකරුවන් සඳහා පත්වීම් ලිපි ද මෙහිදී පිරිනැමීය.

ජීවනාධාර හිමි කලාකරුවන්, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය ලේකම් සෝමරත්න විදානපතිරණ, අමාත්‍යාංශය අතිරේක ලේකම් කේ.ඒ.ඩී.ආර්. නිශාන්ති ජයසිංහ, ටවර් හෝල් රඟහල පදනමේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩී.එම්.එස්. දිසානායක  ඇතුළු පිරිසක් සහභාගි වූහ.

  • යොහාන් භාසුර
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

බියුටි සැලෝන් යන අයට රතු එළියක් . . .

Tue Apr 9 , 2024
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැටලීම් සහ විශේෂ විමර්ශන ඒකකයට ලැබුණ තොරතුරකට අදාළව කල්ඉකුත් වූ රූපලාවණ්‍ය නිෂ්පාදන සහ ළදරු සනීපාරක්ෂක ද්‍රව්‍ය තොගයක් අතුරුගිරිය ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගෙන තිබෙන පුවතක් වාර්තා වනවා. මෙලෙස අත්අඩංගුවට පත් රූපලාව්‍ය තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 50ක් පමණ වන බවයි, පාරිභෝගික අධිකාරිය පවසන්නේ. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැටලීම් සහ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x