සාගලට එරෙහිව CID යට පැමිණිල්ලක් . . .

 

ප්‍රමිතියෙන් තොර එන්නත් කුප්පි මිලදී ගැනීමේ සිද්ධියට අදාළව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායකගෙන් ප්‍රශ්න කරන්නැයි ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ලැබී ඇත.

අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති ජාමුනි කමන්ත තුෂාර විසින් අදාළ පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමුකර තිබේ.

ප්‍රමිතියෙන් තොර එන්නත් කුප්පි මිලදී ගැනීමේ සිද්ධියට අදාළ පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ආරම්භ කර දැනට දින 100 කට අධික කාලයක් ගත වී ඇතත් මේ දක්වා වගකිවයුතු ප්‍රධාන රාජ්‍ය නිලධාරින් අත්අඩංගුවට ගැනීමට අසමත් වී ඇතැයි සඳහන් කරමින් අදාළ පැමිණිල්ල යොමුකර තිබුණි.

ප්‍රමිතියෙන් තොර එන්නත් කුප්පි මිලදී ගැනීමේ සිද්ධියට ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක සම්බන්ධ බවට විවිධ දේශපාලන කණ්ඩායම් හා වෘත්තීය සමිති නායකයන් පසුගිය කාලයේදී හෙළිකර තිබෙන බවත්, ඒ සම්බන්ධයෙන් විමර්ශනයේදී අවධානය යොමු කරන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලමින් අල්ලස, දූෂණය, නාස්තියට එරෙහි පුරවැසි බලය මෙම පැමිණිල්ල යොමුකර තිබුණි.

  • ඉෂාර රත්නකාර
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ජන ක්‍රීඩා නම් වෙනස් කෙරේ . . .

Tue Apr 9 , 2024
එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවයන්හිදී ආබාධිත පුද්ගලයන් පිළිබඳ  සමාජයේ සංකල්පමය වෙනසක් ඇති කිරීම වෙනුවෙන් කණා මුට්ටිය බිඳීම සහ අන්ධයාට කිරිකැවීම යන ජන ක්‍රීඩාවල නම් වෙනස් කළ සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් පවසයි. ඒ අනුව එම ක්‍රීඩාවල නම් “වාසනා මුට්ටිය බිඳීම සහ සගයට කිරි කැවීම” ලෙස වෙනස් කර […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x