ජල විදුලි බලාගාරයක පිපිරීමක් . . .

ඉතාලියේ ජල විදුලි බලාගාරයක සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් 4 දෙනෙකු මියගොස් තිබේ.

උතුරු ඉතාලියේ සුවියානා විලෙහි පිහිටා ඇති මෙම ජල විදුලි බලාගාරයේ තවත් සේවකයින් පිරිසක් අතුරුදන් වී ඇති බව ද විදෙස් වාර්තාවල සඳහන් විය.

විලෙහි මතුපිට සිට මීටර 30ක් පමණ ජල අභ්‍යන්තරයේ අදාළ පිපිරීම සිදුව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ජල අභ්‍යන්තරයේ සිදු කළ නඩත්තු කටයුත්තක් අතරතුරදී එහි ටර්බයිනයක් පුපුරා යාමෙන් ගින්නක් හටගෙන ඇති බවයි.

දැඩි පිළිස්සුම් තුවාල ලැබූ තවත් පිරිසක් ගුවන් මගින් රෝහල් කරා රැගෙන ගොස් ඇත.

සුවියානා විල, 1932 වසරේදී කෘතිමව ඉදිකර ඇතැයි විදෙස් වාර්තාවල සඳහන් විය.

  • aruna
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

හිටපු ජනාධිපතිලාගේ වාහනවලට කෝටි 200ක පොල්ලක් . . .

Wed Apr 10 , 2024
හිටපු ජනාධිපතිවරුන් විසින් මෙතෙක් කල් භාවිත කළ අධි සුඛෝපභෝගී වාහන හැටකට අධික සංඛ්‍යාවකින් රුපියල් කෝටි 200කට වැඩි කුලී මුදලක් පැහැර හැර ඇතැයි දූෂණ විරෝධී හඬ සංවිධානය පවසයි. මේ වන විට ඉන් වාහන දෙකක් අතුරුදන්ව ඇති බවත් දූෂණ විරෝධී හඬ සංවිධානය කියයි. තව ද ඇතැම් වාහනවල වටිනාකම රුපියල් කෝටි අටකට අධික […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x