පාතාලය මැඬලීමට පොලිස් යතුරු පැදි බළකායක් . . .

බස්නාහිර පළාතේ පාතාල මර්දන මෙහෙයුම් සඳහා යෙදවීමට පිස්තෝල කණ්ඩායම්වලින් සමන්විත විශේෂ පොලිස් යතුරු පැදි බළකායක් මේ දිනවල විශේෂ පුහුණුවීම්වල නිරතවන බව අරුණට වාර්තාවේ.

පොලිස් විශේෂ කාර්ය බළකායේ අධීක්ෂණය යටතේ විශේෂ පුහුණුව ලබන මෙම කණ්ඩායම විශේෂ ප්‍රහාරක යතුරු පැදි කණ්ඩායමක් ලෙස කරළියට එන බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු අරුණට පැවසීය.

පාතාල කණ්ඩායම්, වෙඩික්කරුවන් හඹා ගොස් ක්ෂණික ප්‍රතිචාර දැක්වීම ඇතුළුව විශේෂ පුහුණුවක් මෙම කණ්ඩායම්වලට ලබාදෙන බවත් එම කණ්ඩායමට විශේෂිත නිල ඇඳුමක්ද ලබාදීමට නියමිත බවත් එම නිලධාරියා සඳහන් කළේය.

පොලිස් දෙපාර්තමේන්තුව තුළ ඇති සුවිශේෂ දක්ෂතා ඇති නිලධාරීන් මෙම ඒකකයට ඇතුළත් කිරීමට කටයුතු යොදා ඇත.

මෙම යතුරු පැදි ප්‍රහාරක කණ්ඩායම් කොළඹ උතුර, කොළඹ දකුණ හා කොළඹ මධ්‍යම යන කොට්ඨාශවලට මූලික අදියරේදී යෙදවීමට නියමිතය.

  • තිස්ස රවීන්ද්‍ර පෙරේරා
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

බහාලුම් ප්‍රතිනැව්ගත කිරීම ආරම්භ කරයි . . .

Wed Apr 10 , 2024
හම්බන්තොට ජාත්‍යන්තර වරාය, මෙඩිටරේනියන් ෂිපින් සමාගම විසින් මෙහෙයවනු ලබන බහාලුම් ප්‍රතිනැව්ගත කිරීමේ සේවාව ආරම්භ කර ඇත. ඒ අනුව MV ‘MSC Ingrid’ බහාලුම් නෞකාව ඊයේ ප්‍රථමවරට ප්‍රතිඅපනයනය බහාලුම් තොගයක් සමග හම්බන්තොට වරාය වෙත පැමිණ ඇත. එමෙන්ම මෙඩිටරේනියන් ෂිපින් සමාගමට අයත් දෙවන බහාලුම් නෞකාව වන ‘MSC Sky11’ නෞකාව එළඹෙන 16 වැනිදා හම්බන්තොට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x