මැලේසියාවට පනින්න ගිය තරුණයා අත්අඩංගුවට . . .

ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයක් භාවිත කරමින් මැලේසියාව බලා පිටව යෑමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයෙක් කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ පුද්ගලයාට රටින් පිටවීම තහනම් කරමින් අධිකරණ නියෝගයක් ද ක්‍රියාත්මක වෙමින් පවතින නිසා අදාළ පුද්ගලයා සිය ජීව දත්ත තොරතුරු වෙනස් කර ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රය සකස් කර තිබුණි.

එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ 34 හැවිරිදි යාපනයේ, සන්දිලිපායි ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර එම පුද්ගලයා අද (10) අලුයම මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර බලා පිටත්ව යෑමට නියමිතව තිබිණි.

මගී නිශ්කාශන කටයුතු නිමවා අසුන්ගෙන සිටිය දී ඔහු පිළිබඳව නිලධාරීන්ට ඇති වූ සැකය මත මෙලෙස පරීක්ෂාවට ලක්කර ඇත.

එම පුද්ගලයා 2012 වසරේ දී බෝට්ටුවෙන් ඔස්ට්‍රේලියාවට පළා යෑමට උත්සාහ කර අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් රටින් පිටවීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කර තිබේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයාව ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනිස් ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ අංශයේ නිලධාරීන් වෙත භාරදීමට පියවර ගෙන තිබේ.

  • aruna
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

පාතාලය මැඬලීමට පොලිස් යතුරු පැදි බළකායක් . . .

Wed Apr 10 , 2024
බස්නාහිර පළාතේ පාතාල මර්දන මෙහෙයුම් සඳහා යෙදවීමට පිස්තෝල කණ්ඩායම්වලින් සමන්විත විශේෂ පොලිස් යතුරු පැදි බළකායක් මේ දිනවල විශේෂ පුහුණුවීම්වල නිරතවන බව අරුණට වාර්තාවේ. පොලිස් විශේෂ කාර්ය බළකායේ අධීක්ෂණය යටතේ විශේෂ පුහුණුව ලබන මෙම කණ්ඩායම විශේෂ ප්‍රහාරක යතුරු පැදි කණ්ඩායමක් ලෙස කරළියට එන බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු අරුණට පැවසීය. පාතාල කණ්ඩායම්, […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x