මෛත්‍රීගේ විදෙස් ගමන සැකයි . . .

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විදෙස් ගතවීම සම්බන්ධයෙන් සැකයක් පවතින බව සමගි ජන බලවේගය පක්ෂයේ කාවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයා පවසයි.

මෛත්‍රීපාල සිරිසේන විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකර ඇති තත්ත්වයක් තුළ ඔහු මෙලෙස විදෙස් ගත වීම ගැටලුවක් බව මන්ත්‍රීවරයා පෙන්වාදෙයි.

එම ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා කාවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදුකළ පැමිණිල්ලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (10) එම දෙපාර්තමේන්තුව වෙත පැමිණි අවස්ථාවේ මේ බව කියා සිටියේය.

“මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා, එක පැත්තකින් පාස්කු මහ මොළකරු දැනගෙන එය වසන් කිරීමේ වරදට හසුවෙනවා. අනෙක් පැත්තෙන් ඔහු බොරුවක් නම් කියන්නේ, මේ අහිංසක මිනිසුන්ගේ මරණයට වගකිව යුතු පුද්ගලයාව වසන් කරන්න එහෙම නැත්නම්, පරීක්ෂණ නොමඟ යවන්න කටයුතු කරනවා ද කියන සැකය අපිට ඇති වෙනවා. කිසිසේත්ම එතුමා ඒ කළ ප්‍රකාශයෙන් පැනලා යන්න බෑ. හැබැයි අපි දකිනවා එතුමා සැරින් සැරේ ඒ ප්‍රකාශ වෙනස් කරනවා.

මෛත්‍රීපාල සිරිසේන රටත් කාලා, මිනිස්සුන්වත් කාලා දැන් එයාට වමාරන්න වෙලා තියෙන්නේ. අපිට බය මෛත්‍රී මෙච්චර රටේ ප්‍රශ්න ඇති කරලා, තායිලන්තය බලා ගිහින් තියෙනවා. මේක පැනයාමක් ද කියලා මට පෞද්ගලිකව හිතෙනවා. එයාව වහාම කැඳවලා නීතිය ක්‍රියාත්මක කරන්න කියලා නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලින් ඉල්ලා සිටිනවා.”

  • aruna
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මැලේසියාවට පනින්න ගිය තරුණයා අත්අඩංගුවට . . .

Wed Apr 10 , 2024
ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයක් භාවිත කරමින් මැලේසියාව බලා පිටව යෑමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයෙක් කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ පුද්ගලයාට රටින් පිටවීම තහනම් කරමින් අධිකරණ නියෝගයක් ද ක්‍රියාත්මක වෙමින් පවතින නිසා අදාළ පුද්ගලයා සිය ජීව දත්ත තොරතුරු වෙනස් කර ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රය සකස් කර තිබුණි. එලෙස අත්අඩංගුවට පත්ව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x