ව්‍යාජ ෆේස්බුක් ගිණුම් ඉවතට . . .

තමන්ගේ නම යොදා ගනිමින් පවත්වාගෙන යනු ලබන ව්‍යාජ ෆේස්බුක් ගිණුම් ඉවත් කර දෙන ලෙස ඉල්ලමින් දෛනිකව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය වෙත පැමිණිලි 200ක් පමණ යොමුවන බව පරිගණක අපරාධ විමර්ශන ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දර්ශිකා කුමාරි ජයසිංහ පැවැසීය.

එම පැමිණිලිවලට අනුව පරිගණක අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් ෆේස්බුක් ආයතනය සමඟ සම්බන්ධ වී අදාළ ව්‍යාජ ගිණුම් ඉවත් කිරීම්ට ඉල්ලීම් සිදුකරන බව නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය පැවැසුවාය. දෛනිකව ව්‍යාජ ගිණුම් ඉවත්කර දෙන ලෙස ලැබෙන පැමිණිලි ප්‍රමාණය ඉහළ බැවින් ඇතැම් විට ඊට පෙර කරන ලද ඉල්ලීම්වලට අනුව ෆේස්බුක් ආයතනය ව්‍යාජ ගිණුම් ඉවත් කර තිබේද යන්න පිළිබඳව සොයා බැලීමට පවා අවස්ථාව නොලැබෙන බව ඇය පැවැසුවාය.

එමෙන්ම මෙම වසරේ ආරම්භක මාස තුන තුළ දී පමණක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය වෙත පැමිණිලි 1,500ක් පමණ යොමුකර ඇත. මෙම ඒකකය වෙත ලැබෙන පැමිණිලි ප්‍රමාණය අතරින් බහුතර පැමිණිලිවල වින්දිතයන් බවට පත්ව ඇත්තේ කාන්තාවන් සහ ළමයින් වන බව ද දර්ශිකා කුමාරි ජයසිංහ පැවැසුවාය.

  • නිර්මාණි තිලකසිරි
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ත්‍රස්ත ග්‍රහණයේ සිටි ශ්‍රී ලාංකිකයින්ව මුදා ගැනේ . . .

Thu Apr 11 , 2024
මියන්මාරයේ, මියාවාඩි හී සයිබර් ත්‍රස්ත කණ්ඩායම් ග්‍රහණයේ සිට මුදාගනු ලැබු ශ්‍රී ලාංකිකයින් 08 දෙනා තායිලන්තයේ මෙරට තානාපති කාර්යාලය වෙත භාරදී ඇති බව මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ජානක බණ්ඩාර පවසයි. ඔවුන් ඉදිරි දින කිහිපයේදී ශ්‍රී ලංකාව වෙත පැමිණීමට නියමිත බව තනාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය. අද උදෑසන මියන්මාරයේ ආගමන විගමන නිලධාරීන් විසින් මියන්මාරයේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x