අධිවේගියේ කල්ල මරේ . . .

අලුත් අවුරුදු කාලසීමාවේ අධිවේගී මාර්ගවල ආදායම රුපියල් කෝටි 15 ඉක්මවා තිබේ. 

අධිවේගී මාර්ග මෙහෙයුම් සහ නඩත්තු ඒකකයේ අධ්‍යක්ෂ ආර්.අයි.ඩී.කහටපිටිය පැවසුවේ, පසුගිය 10 වැනිදා සිට 13 වැනිදා දක්වා කාලසීමාවේ අධිවේගී මාර්ගවලින් රුපියල් පහලොස් කෝටි අනූ අට ලක්ෂ දෙදහස් නවසිය පනහක ආදායමක් ලබා ඇති බවයි.

13 වැනි සෙනසුරාදා අධිවේගී මාර්ගවල ආදායම දෙකෝටි හතලිස් හය ලක්ෂ හැත්තෑ හය දහස් හාරසීයකි .

එම කාලසීමාවේ රථවාහන හතලිස් තුන් ලක්ෂ පන් දහස් පනස් එකක් අධිවේගී මාර්ගවල ධාවනය කර ඇතැයි ආර්.අයි.ඩී.කහටපිටිය සඳහන් කළේ ය.

  • aruna
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ඊශ‍්‍රායල-ශ‍්‍රී ලංකා ගුවන් ගමන් අත්හිටුවයි . . .

Mon Apr 15 , 2024
ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායලය අතර ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා ඇතිබව ඊශ්‍රාලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පැවසීය. පවතින යුධමය තත්වය හේතුවෙන් ඊශ්‍රායලයේ ගුවන් සමාගම් එම පියවර ගෙන තිබේ. ඉදිරි දිනවල යම් ශ්‍රී ලාංකිකයෙකු ඊශ්‍රායලය වෙත පැමිණීමට අපේක්ෂාවෙන් සිටීනම් අදාළ අංශ සමඟ සාකච්ඡා කර දිනය සංශෝධනය කරන ලෙස තානාපතිවරයා ඉල්ලා සිටියි. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x