ජල නාස්තිය අවම කරන්න . . .

අනාගතයේදී පාරිභෝගික ජනතාවට ජලය සැපයීම වඩාත් දුෂ්කර වනු ඇතැයි ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙම තත්ත්වය හේතුවෙන් ජල නාස්තිය අවම කිරීම සඳහා මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වාදීමට ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය සැලසුම් කර ඇත.

මනු කියවීමට පෙර සහ පසු සිදුවන ජල නාස්තිය අවම කිරීම උදෙසා මෙම මාර්ගෝපදේශ සකස් කර තිබේ.

‘ජල සම්පාදන සැපයුම්කරුවන් සඳහා ජල සැපයුම් සම්බන්ධතා මාර්ගෝපදේශ’ යනුවෙන් මෙම මාර්ගෝපදේශ නම්කර ඇත. අදාළ මාර්ගෝපදේශවල සාර්ථකත්වය අනුව ඉදිරියේදී ඒවා නියාමනය කිරීමටද නියමිතය.

පවතින මූල්‍ය අර්බුද හේතුවෙන් සියලුම රාජ්‍ය සේවා සපයන්නන් විසින් නව ව්‍යාපෘති හෝ පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා ආයෝජනය කිරීම ද අභියෝගයක් බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

  • සාලිය කුමාර ගුණසේකර
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ඡන්දෙට කලින් වාහන පර්මිට් එක ඕනෑ . . .

Tue Apr 16 , 2024
මුලින්  නිකුත් කෙරුණු තීරු බදු රහිත  වාහන බලපත්‍රය ලබාදිය නොහැකිනම් ඊට වඩා අඩු වාහනයක් හෝ මිලදී ගැනීමට වාහන බලපත්‍රයක් ඉදිරි ජනාධිපතිවරණයට පෙර  දෙන්නැයි  ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් කතානායකවරයාගෙන් සහ  රජයේ ප්‍රධානීන්ගෙන් පසුගියදා නැවත වරක් ඉල්ලීමක් කළහ. මේ අනුව මෙම කාරණය පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවේදී ඉදිරි දිනවලදී  සාකච්ඡා කිරීමට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x