නරක් වූ මළසිරුරු සහිත බෝට්ටුවක් . . .

ඊසාන දිග බ්‍රසීලයේ වෙරළ තීරයට ඔබ්බෙන් වූ බෝට්ටුවක තිබී නරක් වූ මළසිරුරු 20 ක් පමණ සොයාගෙන තිබේ.

එම බෝට්ටුව අප්‍රේල් 13වැනිදා වෙරළ තීරයේ තිබී සොයා ගත් බව බ්‍රසීල ෆෙඩරල් රාජ්‍ය අමාත්‍යාංශය ඉරිදා නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මළසිරුරු නරක් වීම හේතුවෙන් බෝට්ටුවේ කොපමණ සංඛ්‍යාවක් මියගොස් ඇත් ද යන්න සම්බන්ධයෙන් නිශ්චිතව නොදන්නා බව ද එම වාර්තාවල සඳහන්වේ.

අදාළ පිරිස බ්‍රසීල ජාතිකයන් විය නොහැකි බවට අනුමාන කරයි.

විමර්ශකයින් පවසන්නේ බොහෝ දුරට ඔවුන් කැරිබියන් දූපත්වල සිට පැමිණි පුද්ගලයින් විය හැකි බවයි.

  • dinamina
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

පාලිත තෙවරප්පෙරුම අභාවප්‍රාප්ත වෙයි . . .

Wed Apr 17 , 2024
එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මෙන්ම හිටපු වනජීවි නියෝජ්‍ය ඇමතිවරයකු වූ පාලිත තෙවරප්පෙරුම විදුලි සැර වැදීමෙන් මියගොස් තිබේ. මතුගම යටදොලවත්ත ප්‍රදේශයේ පිහිටි සිය පොල් ඉඩමක ඊයේ සවස වැඩ කටයුත්තක නිරතව සිටියදී විදුලි කම්බි දෙකක් එකිනෙක සම්බන්ධ කිරීමට ගිය අවස්ථාවේදී මෙම අනතුර සිදුව ඇතැයි මතුගම පොලිසිය සඳහන් කරයි. අනතුරින් බරපතල […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x