විදෙස්ගත විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප අත්හිටුවයි . . .

මෙම වර්ෂයට (2024) අදාළ වලංගු ජීවිත සහතික ලබානොදීම හේතුවෙන් විදේශගත විශ්‍රාමිකයන් හාරසිය අසුපස්දෙනකුගේ (485) විශ්‍රාම වැටුප තාවකාලිකව අත්හිටුවා ඇත.

විදේශයන්හි ජීවත්වන විශ්‍රාමිකයන් සිය විශ්‍රාම වැටුප අඛණ්ඩව ලබා ගැනීම සඳහා වර්ෂයකට වරක් ජීවත්වීමේ සහතිකයක් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත ලබා දීම අනිවාර්ය වන අතර එසේ නොවන විට විශ්‍රාම වැටුප් ගෙවීම නවතා දැමීමට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව පියවර ගනු ලබයි.

මේ අතර 2023 වසරේදී වලංගු ජීවිත සහතික ලබා නොදීම හේතුවෙන් 1061කුගේ විශ්‍රාම වැටුප තාවකාලිකව අත්හිටුවා තිබු අතර ඉන් 576 දෙනකු සිය ජීවිත සහතිකය අලුත් කරගෙන තිබේ.

එමෙන්ම 2022 වසරේදී වලංගු ජීවිත සහතික ලබා නොදීම හේතුවෙන් 2833 කුගේ විශ්‍රාම වැටුප තාවකාලිකව අත්හිටුවා තිබු අතර ඉන් මෙතෙක් සිය ජීවිත සහතිකය අලුත් කරගෙන ඇත්තේ 1250කු පමණයි.

කෙසේ වෙතත් එම වලංගු ජීවිත සහතික ලබා නොදීම මත මෙලෙස ඔවුන්ගේ විශ්‍රාම වැටුප තාවකාලිකව අත්හිටුවා ඇති බවත් එය නැවත සක්‍රිය කර ගැනීම සදහා අදාළ සහතික විශ්‍රාමිකයා පෞද්ගලිකවම තානාපති කාර්යාලය වෙත ලබා දිය යුතු බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ජීවත්වීමේ සහතිකය තානාපති කාර්යාලය මගින් නොමිලේ සහතික කර ගත හැකි වේ.

  • චාමර පල්ලේගෙදර
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ජල නාස්තිය අවම කරන්න . . .

Tue Apr 16 , 2024
අනාගතයේදී පාරිභෝගික ජනතාවට ජලය සැපයීම වඩාත් දුෂ්කර වනු ඇතැයි ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි. මෙම තත්ත්වය හේතුවෙන් ජල නාස්තිය අවම කිරීම සඳහා මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වාදීමට ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය සැලසුම් කර ඇත. මනු කියවීමට පෙර සහ පසු සිදුවන ජල නාස්තිය අවම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x