හිමිනමක් ජනාධිපතිවරණයට නැකත් හදයි . . .

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වීමට අදාළ සියලු නැකත් ශාත්‍ර කටයුතු සිදු කර ගැනීම සඳහා රනිල් වික්‍රමසිංහ ඔහුගේ සමීපතම හිමිනමකට බාර දී ඇති බව වාර්තා වේ.

එම හිමිනමට අදාළ නැකැත් කටයුතු පැකේජයක් ම බාර දී ඇත. ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වීමට සුදුසු ගණ පිහිටුවන ලද පක්ෂයක් තෝරා දීම, අපේක්ෂක අයදුම් පත්‍රය අත්සන් කිරීමට දින කිහිපයක් නම් කිරීමට බාර දී තිබීම සහ නාමයෝජනා බාරදීමත් ඉන්පසු මංගල ප්‍රචාරක රැලිය ආරම්භ කිරීමට සුදුසු නගරයක් තෝරාදීම මෙන් ම, එම රැලිය ආරම්භ කිරීමට සුදුසු නැකතක් සකස් කිරීම ආදී කටයුතු එම පැකේජයට අයත් ය.

නිර්පාක්ෂික පොදු අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමෙන් ජයග්‍රහණය කිරීමට රනිල් වික්‍රමසිංහ අපේක්ෂාවෙන් සිටී. ඒ වෙනුවෙන් මේ වනවිටත් ජාත්‍යන්තර ප්‍රචාරක සමාගම් ද තෝරා ගෙන ඇති බව අනාවාරණය වේ.

  • lankatruth
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

හලාවත දුම්රිය වේදිකාව සිප ගනී . . .

Tue Apr 16 , 2024
හලාවත බලා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රියක් කොටුව දුම්රිය ස්ථානයේදී අනතුරට ලක්ව ඇත. ඊයේ (15) පස්වරු 2.35 ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට හලාවත බලා ධාවනය වීමට නියමිත වූ දුම්රිය පළමුවන වේදිකාවට ඇතුලත් කිරීමේදී දුම්රිය නියමිත ස්ථානයේදී නවතා ගැනීමට එම දුම්රියෙහි කාර්‍යමණ්ඩලය අපහොසත් වීම මත වේදීකාව ද කඩා ගෙන එම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x