ගිනි කන්දක් සක්‍රිය වෙයි . . .

ඉන්දුනීසියාවේ ගිනිකන්දක් පුපුරා යාමෙන් යාමත් සමග සුනාමි තත්ත්වයක් ඇති ඇතිවිය හැකි බවට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

ඒ හේතුවෙන් ඒ ආසන්න ප්‍රදේශවාසීන් සිය ගණනක් ඉවත් කිරීමට කටයුතු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දුනීසියාවේ උතුරු සුලවේසියෙහි රුආං දූපතේ පිහිටා ඇති අඩි 2400ක පමණ උසකින් යුතු ගිනිකන්දක් ඊයේ සිට පුපුරා යමින් තිබේ.

මෙම ගිනිකන්ද මුහුදට කඩා වැටී සුනාමි රල ඇති විය හැකි බවට ඇතිවී තිබෙන අවදානම හේතුවෙන් අදාළ අනතුරු ඇගවීම් නිකුත් කර ඇත.

සුලවේසි දූපතේ උතුරු ප්‍රදේශයේ පිහිටි ගිනිකන්දේ පසුගිය පැය 24 තුළ අවම වශයෙන් විශාල පිපිරීම් පහක් සිදුවූ බව ඉන්දුනීසියාවේ ගිනිකඳු හා භූ කම්පන ආපදා මධ්‍යස්ථානය පවසයි.

බලධාරීන් ගිනිකඳු අනතුරු ඇඟවීම ඉහළම මට්ටමට ගෙන ගොස් ඇතැයි ද සඳහන්වේ.

  • dinamina
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ඉන්දීය මහ මැතිවරණය හෙට . . .

Thu Apr 18 , 2024
ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින් (ලොක් සභාව) සහ ඉහළ මන්ත්‍රී මණ්ඩලයකින් (රාජ්‍ය සභාව) සමන්විතය. හෙට (19) මහ මැතිවරණය පැවැත්වෙන්නේ ලොක් සභාවේ ආසන 543 වෙනුවෙනි. මහ මැතිවරණය, මාස 2 1/2 ක් තිස්සේ, අදියර 7 ක් යටතේ පැවැත්වෙයි. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x