රුවන්පුර දිසාපති මාධ්‍යවේදියට වැඳ සමාව ගනී . . .

තොප්පියක් පැළඳ රත්නපුර මහ දිසාපති කාර්යාලයට ඇතුළුවුණැයි කියමින් මාධ්‍යවේදියකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් රත්නපුර හිටපු මහ දිසාපති මාලනී ලොකුපෝතාගම සහ රත්නපුර පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණයේදී මාධ්‍යවේදියාට වැද අද (12) සමාව ගත්හ.

දෙපාර්ශවයේ එකඟත්වය මත සිද්ධිය සමථයට පත්වූ අතර මාධ්‍යවේදී සරත් විමලරත්න ට එරෙහිව කිසිදු ඉදිරි පියවරක් නොගැනීමට ද ඔහුට එරෙහිව මහේත්‍රාත් අධිකරණයේ ගොනු කර ඇති නඩුව ඉල්ලා අස්කර ගැනීමට ද වගඋත්තරකරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයේදී පොරොන්දු වූහ.

තොප්පියක් පැලඳ රත්නපුර මහ දිසාපති කාර්යාලයට ඇතුළුවුණැයි කියමින් රත්නපුර දිසාපති කාර්යාලයේ ආරච්චිවරයකු, රත්නපුර පොලිසියේ හිටපු සැරයන්වරයකු, කුරුවිට හමුදා කදවුරේ යුද හමුදා කෝප්‍රල්වරයකු ඇතුළු පිරිසක් මාධ්‍යවේදී සරත් විමලරත්න ට පහරදී අත්අඩංගුවට ගෙන රත්නපුර පොලීසියේ රඳවා ගැනීමෙන් ඔහුගේ මුලික අයිතිවාසිකම් කඩ කළැයි සඳහන් කරමින් පවරා ඇති පෙත්සම කැදවූ අවස්ථාවේදී නඩුව එසේ සමථයකට පත් විය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන මුර්දු ප්‍රනාන්දු සහ මහින්ද සමයවර්ධන යන අයගෙන් සැදුම්ලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම සලකා බැලිණි.

මාධ්‍යවේදී සරත් විමලරත්න ගොනු කර තිබූ පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් රත්නපුර හිටපු මහා දිසාපති මාලනී ලොකුපෝතාගම , රත්නපුර දිසාපති කාර්යාලයේ ආරච්චිවරයා වශයෙන් කටයුතු කළ අනුරාධ බණ්ඩාර, රත්නපුර පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා, රත්නපුර පොලිසියේ හිටපු කොස්තාපල් සමීර කුරුවිට, හමුදා කදවුරට අනුයුක්තව රාජකාරි කළ හමුදා කෝප්‍රල් සේනානායක ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටියහ.

  • රන්ජන් කටුගම්පොල

 



Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ශිවාජිලිංගම් ජනපතිවරණයට එයි . . .

Wed Jun 12 , 2024
ඉදිරි ජනාධිපතිවරණය සදහා තමන් ස්වාධීන අපේක්ෂකයෙකු වශයෙන් තරග කරණ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා දෙමළ ජනතා සන්ධාන පක්ෂයේ මහලේකම් එම්.කේ.ශිවාජිලිංගම් ඊයේ (11දා) යාපනයේදී පවසීය. යාපනයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ දෙමළ දේශපාලන පක්ෂ වලට ජනාධිපතිවරණය සදහ පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට එතරම් වුවමනාවක් නොමැති බවක් පෙනෙන්නට ඇති නිසා තමන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x