සජිත්ගේ මුහුදු ගමන නවතී . . .

සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහන යටතේ 10  සහ 11  යන දිනයන්හි යාපනයේ දුෂ්කර පාසල් කිහිපයකට රුපියල් 1,177,000ක් වටිනා සුහුරු පන්ති කාමර ලබාදීමේ වැඩසටහනක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ ප්‍රධානත්වයෙන් ක්‍රියත්මක කෙරුණි.

සක්වල සුහුරු වැඩසටහන යටතේ 1,177,000ක් වටිනා සුහුරු පන්ති කාමර යාපනය නල්ලූර් ශාන්ත චාල්ස් මහා විද්‍යාලයට, යාපනය වෛදෙස්වර් විද්‍යාලයට , යාපනය පේදුරුතුඩුව කොට්ටවට්ටි ඇමරිකන් දමිල මිශ්‍ර පාසලට , යාපනය උඩුප්පිඩි බාලිකා විද්‍යාලයට , යාපනය කන්කසන්තුරේ අලවෙඩ්ඩි අරුණෝදය විද්‍යාලයට මෙලෙස සුහුරු පන්ති කාමර මෙලෙස ලබාදුන් අතරම සෑම පසලකම පාසල් සංවර්ධන අරමුදලට රුපියල් ලක්ෂයක මුදලක් ද පරිත්‍යාග කිරීමට විපක්ෂ නායකවරයා විසින් පියවර ගෙන තිබුණි.

කෙසේ වෙතත් යාපනය ඩෙල්ෆ්දූපතේ පාසල වෙතට සක්වල සුහුරු පන්ති කාමරය ලබාදීම වෙනුවෙන් මුහුදු මාර්ග ඔස්සේ විපක්ෂ නයක වරයාට ගමන් කිරීමට නියමිතව තිබුනද පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් එම ගමන තාවකාලිකව නවත දැමූ බවටත් ඉදිරියේදී එම වැඩසටහනද ක්‍රියාත්මක කරන බවට විපක්ෂ නායකවරයා වැඩිදුරටත් යපනයේදී පැවසීය.

  • වන්නි රොමේෂ් මධුෂංක

 

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

රුවන්පුර දිසාපති මාධ්‍යවේදියට වැඳ සමාව ගනී . . .

Wed Jun 12 , 2024
තොප්පියක් පැළඳ රත්නපුර මහ දිසාපති කාර්යාලයට ඇතුළුවුණැයි කියමින් මාධ්‍යවේදියකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් රත්නපුර හිටපු මහ දිසාපති මාලනී ලොකුපෝතාගම සහ රත්නපුර පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණයේදී මාධ්‍යවේදියාට වැද අද (12) සමාව ගත්හ. දෙපාර්ශවයේ එකඟත්වය මත සිද්ධිය සමථයට පත්වූ අතර මාධ්‍යවේදී සරත් විමලරත්න ට එරෙහිව කිසිදු ඉදිරි පියවරක් නොගැනීමට ද ඔහුට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x