ගුවන් යානයක් හිම කැට වරුසාවකට හසුවෙයි . . .

ඔස්ට්‍රියානු ගුවන් සේවයට අයත් ගුවන් යානයක් හිම කැට වර්ෂාවකට හසුවී දැඩි ලෙස අලාභහානි වී ඇති බව ඔස්ට්‍රියානු ගුවන් සේවය පවසනවා.

කෙසේවෙතත් මෙම බිහිසුණු හිම කැට වර්ෂාවට හසු වූ ගුවන් යානය මගීන් 173 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය 6 දෙනෙකු සමඟ ස්පාඤ්ඤයේ Palma de Mallorca සිට ඔස්ට්‍රියාවේ Vienna දක්වා පියාසර කළ අතර වාරයේ මෙම බිහිසුණු සිදුවීමට ගොදුරුවී ඇති අතර,පසුව ගුවන් යානය ආරක්ෂිතව Vienna වෙත ගොඩබස්වා තිබේ.

ගුවන් ගමන අතරතුර මැදිරිය විසින් හදිසි ඇමතුමක් ලබා දුන් බවයි ඔස්ට්‍රියානු ගුවන් සේවය පවසන්නේ.

විදෙස් මාධ්‍යවල දැක්වෙන්නේ ගුවන් යානයේ මුහුණතට බරපතල හානි සිදුවී ඇති අතර නියමු කුටියේ ඉහළ කොටස නැවී ඇති අතර, නියමු කුටියේ ජනේලවල වීදුරුව ඉරිතලා ඇති බවයි.

  • Aruna

 

 

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

අඩු වයසින් සරසවියට . . .

Thu Jun 13 , 2024
අපොස සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ වහාම උසස් පෙළ අධ්‍යයන කටයුතු ආරම්භ කර විශ්වවිද්‍යාල ප්‍රවේශය ද කඩිනම් කිරීමෙන් දරුවන්ගේ කාලය අපතේ යෑම වැලැක්වීම උදෙසා අධ්‍යාපන අමාත්‍යාංශය අදාළ පියවර ගනිමින් සිටින බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පැවසී ය. අපොස උසස් පෙළ විභාගයෙන් දිවයිනේ විශිෂ්ට ප්‍රතිඵල ලබාගත් සිසු සිසුවියන් ඇගයීම වෙනුවෙන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x