මෙරට පරිගණක සහ ඩිජිටල් සාක්ෂරතාව ඉහළට . . .

මෙරට පරිගණක සාක්ෂරතාවය සියයට 39 දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

2023 වර්ෂයේ පරිගණක සාක්ෂරතා සමීක්ෂණ වාර්තාවට අනුව මෙරට අවුරුදු 05ත් 69ත් අතර පුද්ගලයින් 05 දෙනෙකුගෙන් දෙදෙනෙකුට පරිගණක සාක්ෂරතාව පවතින බව සඳහන්ය.

එමෙන්ම පුද්ගලයින් 05 දෙනෙකුගෙන් තිදෙනෙකුට ඩිජිටල් සාක්ෂරතාව පවතින අතර එය සියයට 63.5ක් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

මෙරට පවුල්වලින් සියයට 20.2ක් ඩෙක්ස්ටොප් හෝ ලැප්ටොප් පරිගණක භාවිතා කරන අතර නාගරික ජනතාවගේ පරිගණක හා ඩිජිටල් සාක්ෂරතාවයේ වැඩිවීමක් පෙන්නුම් කර තිබේ.

2021 වර්ෂයට සාපේක්ෂව 2023 වර්ෂය වන විට මෙරට පරිගණක සාක්ෂරතාවය සියයට 4.7කින් ඉහළ ගොස් ඇති අතර වැඩිම පරිගණක සාක්ෂරතාවයක් වන සියයට 52.9ක් නාගරික ප්‍රදේශවලින් වාර්තා වී ඇති බව සඳහන්ය.

බස්නාහිර පළාතේ වැඩිම පරිගණක සාක්ෂරතාවයක් පවතින අතර නැගෙනහිර පළාතේ අඩුව පරිගණක සාක්ෂරතාවක් පවතින බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

  • aruna
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

කොළඹ කුණු පුත්තලමට . . .

Thu Jun 13 , 2024
කොළඹ නගරය ආශ්‍රිත ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සම්පූර්ණයෙන් අවසන් බව ත් අගෝස්තු මාසය වන විට එහි මෙහෙයුම් කටයුතු ආරම්භ කරන බව ත් කොළඹ අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ සරත් බණ්ඩාර පවසයි. ව්‍යාපෘතියේ පෙරහුරු පරීක්ෂණ ජූනි 5 වන දා සිට ආරම්භ කර ඇති අතර 2014 වසරේදී එවකට පැවති ආරක්ෂක හා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x