ඔන්ලයින් කැසිනෝ ලංකාව සූරයි . . .

ඔන්ලයින් කැසිනෝ පවත්වාගෙන යාමට නීතිමය තත්ත්වයක් නොපවතින විටෙක ඒ පිළිබඳ නොතකා රටට ලැබිය යුතු ආදායම අහිමි කරමින් ඔන්ලයින් කැසිනෝ විවෘතව ක්‍රියාත්මක වන බවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය.

මේ සම්බන්ධයෙන් කඩිනමින් අවධානය යොමු කරනලෙස ඉල්ලීමක් කරමින් මුදල් අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කිරීමට තමන් කටයුතු කරන බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසීය.

ආචාර්ය හර්ෂ ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් රැස් වූ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව රැස්වූ අවස්ථාවේ දී මේ පිළිබඳ සාකච්ඡාවට ගැනිණි.

කැසිනෝ ඇතුළු සූදු ව්‍යාපාරවලින් අය විය යුතු හිඟ බදු අය කර ගැනීමට හා මෙවැනි ව්‍යාපාර සඳහා විදේශ ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීමට ඉතාමත් වැදගත් වන නියාමන අධිකාරියක් පිහිටුවීමට අවශ්‍ය නීති සම්මත කර ගැනීමට කඩිනම් කටයුතු යොදන ලෙස සහ එය තවදුරටත් පමා නොකරන ලෙස සභාපතිවරයා පැමිණ සිටි නිලධාරීන් වෙත උපදෙස් ලබා දුන්නේය.

අනතුරුව, කාරක සභාව විසින් 2010 අංක 17 දරන කැසිනෝ ව්‍යාපාර (නියාමන) පනතේ 3 වැනි වගන්තිය සමඟ කියවිය යුතු 4 වැනි වගන්තිය යටතේ ඇති රෙගුලාසි සහ එම පනතේ 3 වැනි වගන්තිය සමඟ කියවිය යුතු 4 වැනි වගන්තිය යටතේ නියෝගයක් සැලකිල්ලට ගන්නා ලදී. ඉන් අනතුරුව කාරක සභාව විසින් උක්ත නියෝගය සහ රෙගුලාසිය අනුමත කරනු ලැබීය.

එමෙන්ම 2002 අංක 24 දරන සුබසාධක ප්‍රතිලාභ පනතේ 27 වැනි වගන්තිය යටතේ වන නියෝගය ද රජයේ මුදල් පිළිබඳ කාරක සභාව සැලකිල්ලට ගත් අතර එය ද කාරක සභාව විසින් අනුමත කරන ලදී.

  • lanka C news
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

හලාවතින් පැරණි උමගක් මතුවෙයි . . .

Fri Jun 14 , 2024
හලාවත ජේමිස් වීදියේ සිදු කරන ලද හදිසි කැණීමකදී පැරණි උමඟක නටඹුන් හමුව ඇතිබව පුරා විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සේවකයන් පිරිසක් විසින් නඩත්තු කටයුත්තක් සදහා එලෙස හදිසි කැනීමක් සිදුකර තිබේ. එහිදී උමග සදහා යොදා ගත් බව කියන ගඩොල් බිත්තියක කොටසක්ද කැණීම් කරන ලද ස්ථානයේ ඉතාමත්ම පැහැදිලිව නිරීක්ෂණය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x