තීරු බදු සඳහා ජාතික ප්‍රතිපත්තියක් . . .

2025 ජනවාරි මස සිට අදියර තුනක් යටතේ ජාතික තීරු බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඊට අමතරව පාර්ශවකරුවන්ගේ දැනුවත්භාවය සහ අනුකූලතාව සහතික කිරීමේ අරමුණින් රේගු ආඥාපනතේ 101 වන වගන්තිය යටතේ එම බදු ප්‍රතිපත්තිය ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කිරීමට ද කැබිනට් අනුමැතිය හිමිව ඇත.

රජය සඳහන් කළේ, රටක් තුළ වෙළෙඳ හා ආයෝජන සඳහා තරගකාරී පරිසරයක් පවත්වා ගැනීම කෙරෙහි පැහැදිලි, සරල, සංගත සහ පුරෝකථනය කළ හැකි තීරු බදු ක්‍රමයක් පැවතීම තීරණාත්මක සාධකයක් වන බව ය.

පැවති රජයන් විසින් වරින්වර හඳුන්වා දෙනු ලැබ ඇති විවිධ ප්‍රතිපත්තීන් අනුව තීරු බදු ප්‍රතිපත්තිය සංශෝධනය කිරීම හේතුවෙන් මෙරට ආයෝජන සඳහා වන තරගකාරී පරිසරයට අයහපත් බලපෑමක් සිදු ව ඇති බව ද රජය පැවසීය.

එම තත්ත්වය සැලකිල්ලට ගනිමින් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත ජාතික තීරු බදු ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා මහා භාණ්ඩාගාරයේ වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්ගේ ප්‍රධානත්වයෙන් සහ අදාළ නියෝජිතායතනවල සාමාජිකයන්ගෙන් සමන්විත තාක්ෂණික කමිටුවක් පත් කළ බව රජය සඳහන් කළේ ය.

ඒ අනුව, එම කමිටුව විසින් වෙළෙඳ කටයුතු පිළිබඳ විශේෂඥයන්ගේ සහ මෙම විෂයය හා සම්බන්ධිත අමාත්‍යංශවල ලේකම්වරුන්ගේ මග පෙන්වීම යටතේ ව්‍යාපාරික සහ කර්මාන්ත ප්‍රජාව සමග සාකච්ඡා කර ජාතික තීරු බදු ප්‍රතිපත්තියක් සකස් කරනු ලැබ ඇති අතර එය ක්‍රියාත්මක කිරීම සඳහා මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

  • Mawbima
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ඔන්ලයින් කැසිනෝ ලංකාව සූරයි . . .

Fri Jun 14 , 2024
ඔන්ලයින් කැසිනෝ පවත්වාගෙන යාමට නීතිමය තත්ත්වයක් නොපවතින විටෙක ඒ පිළිබඳ නොතකා රටට ලැබිය යුතු ආදායම අහිමි කරමින් ඔන්ලයින් කැසිනෝ විවෘතව ක්‍රියාත්මක වන බවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය. මේ සම්බන්ධයෙන් කඩිනමින් අවධානය යොමු කරනලෙස ඉල්ලීමක් කරමින් මුදල් අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කිරීමට තමන් කටයුතු කරන බව රජයේ මුදල් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x