මාතලේ කඩවලට කුණු බද්දක් . . .

මාතලේ මහ නගර සභාව එම නගර සභා බල ප්‍රදේශයේ ව්‍යාපාරික ආයතනවලින් කසළ බද්දක් අය කිරීමට චක්‍රලේඛයක් නිකුත් කර ඇත.

මාතලේ මහ නගර සභා බල ප්‍රදේශය ආපනශාලා, තොග හා සිල්ලර වෙළෙඳසල් ආදි වශයෙන් වෙළෙඳසල් වර්ගීකරණය කර එක් එක් වෙළෙඳසල්වලින් විවිධ කසළ බදු මුදල් අය කර ගැනීමට මේ වන විටත් නගර සභා පරිපාලන අංශය  දැනුම් දී ඇති බව වෙළෙඳසල් හිමියෝ පැවැසුහ

ඒ අනුව ආපනශාලා හෝටල් හා බේකරි සඳහා මාසිකව රුපියල් 15000ක මුදලක් ද  සැලුන් සඳහා මාසිකව රුපියල් 3000ක මුදලක්  ද  අය කර  කෙරෙනු ඇත.

නගර සභාවට වරිපනම් ගාස්තු, වෙළෙද බලපත්‍ර ගාස්තු, අධික විදුලි බිල් ජල බිල් ගෙවීමෙන් පීඩාවට පත්ව ඇති මෙවන් මොහොතක මෙසේ කසළ බද්දක් අය කිරීමට මහ නගර සභාව ගෙන ඇති තීරණයෙන් මහත් පීඩාවට පත්ව ඔවුන් කබලෙන් ළිපට ඇද වැටී ඇති හෙයින් මේ පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමු කර තමන්ට සාධාරණයක් ඉටුකර දෙන මාතලේ සිංහල වෙළෙඳ පෙරමුණේ සභාපති කුමා සමරසිංහ පැවසීය.

මේ පිළිබඳව මාතලේ නාගරික කොමසාරිස් නිශාන්ත මාදුවගේ ගෙන් විමසීමේදී ඔහු මෙසේ පැවැසීය.

මහ නගර සභා සේවකයන්ගේ වැටුප් ගෙවීමේදී සීයට විස්සක මුදලක් එම ආයතන දැරිය යුතු බවට මධ්‍යම රජය දන්වා තිබෙනවා. මේ නිසා මාතලේ මහ නගර සභා සේවකයන්ට වැටුප් ගෙවීමට මිලියන 50ක පමණ මුදලක් උපයා ගැනීමට සිදුව ඇති බැවින් මහ නගර සභාවේ පරිපාලන අංශය ගත් තීරණයකට අනුව මෙම  චක්‍රලේඛය නිකුත් කළා යැයි ද කීය.

  • රවින්ද්‍ර විරාජ් අබයසිරි
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

තීරු බදු සඳහා ජාතික ප්‍රතිපත්තියක් . . .

Fri Jun 14 , 2024
2025 ජනවාරි මස සිට අදියර තුනක් යටතේ ජාතික තීරු බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ඊට අමතරව පාර්ශවකරුවන්ගේ දැනුවත්භාවය සහ අනුකූලතාව සහතික කිරීමේ අරමුණින් රේගු ආඥාපනතේ 101 වන වගන්තිය යටතේ එම බදු ප්‍රතිපත්තිය ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කිරීමට ද කැබිනට් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x