එළවළු පලතුරු ප‍්‍රවාහනය දුම්රියෙන් . . .

දුම්රිය මගින් කෘෂි බෝග ප්‍රවාහනය කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇතිබව නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී එන්.ජේ.ඉදිපොලගේ පැවසීය.

එහි නියමු වියාපෘතිය මුහුදු බඩ දුම්රිය මාර්ගයෙ ආරම්භ කිරීමට නියමිතයි. එහිදී බෙලිඅත්තේ සිට කොළඹ දක්වා කෘෂි බෝග ප්‍රවාහනය කිරීමට නියමිතයි. ඒ තුළින් ප්‍රවාහනය කිරීමට වැයවන ඉහළ ගාස්තුව අඩුකර ගැනීමට හැකි බව නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පැවසීය.

එළවළු සහ පලතුරු වල ගුණාත්මක භාවයට සිදුවන හානිය ඉතා අවම කර ගැනීමට හැකියාව තිබේ.

මේ පිළිබඳව පසුගියදා (19) ගාල්ල වැඩබලන දිස්ත්‍රික් ලේකම් සී.වී.රාජකරුණා ගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. ඒ සඳහා දකුණු පළාතේ සියලු කෘෂිකර්ම නිලධාරීන් එක්විය.

බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් රාත්‍රියේ කෘෂි බෝග ප්‍රවාහනය කිරීම ආරම්භ කිරීමට එහිදී තීරණය වී තිබේ.

එම ප්‍රවාහන කටයුතු පහසු කර ගැනීම සඳහා ජංගම දුරකථන යෙදුමක් නිර්මාණය කිරීමට අවධානය යොමුව ඇතිබව පැවසීය.

වැඩපිළිවෙළ ලබන 29 වැනිදා ආරම්භ කිරීමට මේවන විට සැලසුම් කර තිබේ.

වැඩපිළිවෙළෙහි සාර්ථකත්වය මත ඉදිරියේ සෑම ප්‍රදේශයකම සිට කෘෂි බෝග ප්‍රවාහනය කිරීමට වැඩපිළිවෙළක් සකස් කරන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජේ.ඉදිපොලගේ වැඩිදුරටත් පැවසීය.

  • නාගොඩ සුමන උදයන්ත
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ලංකාව කුරුලු උණට බයවෙයි . . .

Mon Jun 24 , 2024
කුරුලු උණ වාර්තා වී ඇති කිසිදු රටකින් සතුන් හෝ සත්ව නිෂ්පාදන ශ්‍රී ලංකාවට ආනයනය කිරීමට ඉඩනොදෙන බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමාලි කොතලාවල සඳහන් කරන්නේ, මෑතක සිට රටවල් කිහිපයකින් වාර්තා වූ කුරුලු උණ A(H5N1) වෛරසය ශ්‍රී ලංකාවට පැමිණීම වැළැක්වීම සඳහා මෙම පියවර […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x