බංග්ලාදේශයේ සර්ප බියක් . . .

බංග්ලාදේශයේ සර්ප දෂ්ඨනය හේතුවෙන් රෝහල් ගත කරන රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව එරට සෞඛ්‍ය අංශ අවධාරණය කරයි .

මේ තත්වය හමුවේ එරට සියලුම රෝහල් හා සෞඛ්‍ය මධ්‍යස්ථාවල විෂනාශක ද්‍රව්‍ය ගබඩා කරන ලෙස බලධාරීන් විසින් සෞඛ්‍ය අංශ දැනුවත් කර තිබේ.

එසේම සර්ප දෂ්ඨන සිදු වූ වහාම රෝගියා රෝහල් ගත කර ලෙස බලධාරින් විසින් මහජනතාව ද දැනුවත් කර ඇත.

මේ අතර එරට සෞඛ්‍ය අංශ පවසන්නේ, දකුණු ආසියාවේ දක්නට ලැබෙන රසල් පොළගුන්ගේ දෂ්ඨන ඉහළ ගොස් ඇති බවයි.

මෙම සර්ප විශේෂය බොහෝ විට නිවෙස් ජනවාස හා ගොවි බිම් ආශ්‍රිතව දක්නට ලැබේ.

පසුගිය වසරේදී පමණක් බංග්ලාදේශයේ සර්ප දෂ්ඨන හේතුවෙන් පුද්ගලයින් 7000කට අධික සංඛ්‍යාවක් මියගොස් තිබේ.

2002 වසරේදී රසල් පොළගුන් බංග්ලාදේශයේ වඳවී ගොස් ඇති බවට නිවේදනය කළ නමුත් නැවතත් ඔවුන්ගේ සීඝ්‍ර වර්ධයක් දක්නට ලැබෙන බව වාර්තා වේ.

  • dinamina

 

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

එළවළු පලතුරු ප‍්‍රවාහනය දුම්රියෙන් . . .

Sun Jun 23 , 2024
දුම්රිය මගින් කෘෂි බෝග ප්‍රවාහනය කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇතිබව නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී එන්.ජේ.ඉදිපොලගේ පැවසීය. එහි නියමු වියාපෘතිය මුහුදු බඩ දුම්රිය මාර්ගයෙ ආරම්භ කිරීමට නියමිතයි. එහිදී බෙලිඅත්තේ සිට කොළඹ දක්වා කෘෂි බෝග ප්‍රවාහනය කිරීමට නියමිතයි. ඒ තුළින් ප්‍රවාහනය කිරීමට වැයවන ඉහළ ගාස්තුව අඩුකර ගැනීමට හැකි බව නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පැවසීය. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x