බැසිල් ආවොත් ලංසා යනවා . . .

ඉදිරි ජනාධිපතිවරණ මෙහෙයුම් කමිටුවට  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රාජපක්‍ෂ පාර්ශවය දිගින් දිගටම සහභාගී කරගන්නේ නම් තම කණ්ඩායම ඉන් ඉවත් ව ස්වාධීන වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලංසා ඇතුළු ණ්ඩායම ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට දැනුම් දීමට තීරණය කර තිබේ.

ඒ අනුව ජනාධිපතිවරණයේදී අවශ්‍ය වන්නේ පොදුජන පෙරමුණේ රාජපක්ෂ කඳවුරේ සහයද නැතිනම් තම කණ්ඩායමදැයි තෝරා ගැනීමට ජනාධිපතිවරයාට සිදුවනු ඇති බවත් එම කණ්ඩායම අවධාරණය කරයි.

බැසිල් රාජපක්ෂ ජනාධිපතිවරයාගේ මැතිවරණ මෙහෙයුම් කමිටුවට කැඳවීම පිළිබඳව තම කණ්ඩායම දැඩි ලෙස විරෝධතා පල කර ඇතත් ඒ නොතකා දිගින් දිගටම ඔහු සහභාගී කර ගනිමින් සිටින බවද එම කණ්ඩායම පෙන්වා දෙයි.

නිමල් ලංසා ඇතුළු කණ්ඩායම සමග  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිසාල පාර්ශවයද ඒකාබද්ධව කටයුතු කරන බැවින් ඉදිරියේදී මෙම මතය ජනාධිපතිවරයාට දැනුම් දීමට කටයුතු කිරීමට නියමිතව තිබේ.

  •  lanka C news
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

පියුමි ගෝඨාගේ ජීප් එක ගත්ත හැටි . . .

Sun Jun 23 , 2024
නිළියක හා නිරූපණ ශිල්පිනියක් වන පියුමි හංසමාලි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ භාවිත කළ අංක සීබී එම් 1949 දරන රේන්ජ් රෝවර් වර්ගයේ ජීප් රථය 2021 වර්ෂයේදී මිලදී ගැනීමේ ගනුදෙනුව ලෙස රුපියල් ලක්ෂ 780ක් ලෙස සටහන්වූ බවත් වැලිබල් ෆිනෑන්ස් සමාගමෙන් රුපියල් ලක්ෂ 400ක කල් බදු පහසුකමක් ලබාගෙන මුල් කොටස ගෙවූ පියුමි පසුව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x