අපස්මාර රෝගය පාලනයට නව උපකරණයක් . . .

උග්‍ර අපස්මාර රෝගී තත්ත්වයෙන් පෙළෙන පිරිමි දරුවෙකුගේ හිසට නව උපකරණයක් සවිකර එම රෝගී තත්ත්වය පාලනය කිරීමේ අත්හදාබැලීමක් එංගලන්තයේ සිදුකර ඇත.

එවැනි අත්හදාබැලීමකට මුහුණදුන් ලොව පළමු අපස්මාර රෝගියා වන්නේ ඕරන් නෝල්සන් නම් 13 හැවිරිදි එම දරුවා වන අතර ඔහු එම සැත්කමට මුහුණ දී තිබුණේ 2023 දීය.

Neurostimulator නම් එම උපකරණය මගින් රෝගියාගේ මොළය අභ්‍යන්තරයට විද්‍යුත් පණිවුඩ යැවිය හැකි බවත් එමගින් රෝගියා අසනීප වන වාර ගණන දහවල් කාලයේදී 80%ක් පමණ අඩුවී ඇති බව වෛද්‍යවරු පවසති.

දැන් සිය දරුවාගේ ජීවිතය වඩා යහපත් වී ඇති බව එම දරුවාගේ මව පැවසුවා ය.

“Lennox-Gastaut syndrome” නම් ප්‍රතිකාර-ප්‍රතිරෝධී අපස්මාර රෝගයෙන් එම දරුවා පෙළෙන අතර ඔහුට වයස අවුරුදු තුනේදී පමණ එම රෝගය පළමුව වැළඳී තිබුණි.

  • aruna
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

වෙඩි වැදුණු පලස්තීනුවා හමුදා රථයේ ගැටගසා රැගෙන ගිහින් . . .

Mon Jun 24 , 2024
පලස්තීනයේ බටහිර ඉවුරේ ජෙනින් නුවර වැටලීමක් අතරතුර දී තුවාල ලැබූ පලස්තීන ජාතිකයකු හමුදා ජීප් රථයක ඉදිරිපස ගැටගසා රැගෙන යෑමෙන් එම නිලධාරීන් හමුදා නීතිය උල්ලංඝනය කළ බවට ඊශ්‍රායලයේ ආරක්ෂක හමුදාව පිළිගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසුගියදා සිදුවූ එම වැටලීමේදී අදාළ පලස්තීන ජාතිකයා ඊශ්‍රායල වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා ඇති අතර, පලස්තීන […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x