ලංකාව කුරුලු උණට බයවෙයි . . .

කුරුලු උණ වාර්තා වී ඇති කිසිදු රටකින් සතුන් හෝ සත්ව නිෂ්පාදන ශ්‍රී ලංකාවට ආනයනය කිරීමට ඉඩනොදෙන බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමාලි කොතලාවල සඳහන් කරන්නේ, මෑතක සිට රටවල් කිහිපයකින් වාර්තා වූ කුරුලු උණ A(H5N1) වෛරසය ශ්‍රී ලංකාවට පැමිණීම වැළැක්වීම සඳහා මෙම පියවර ගෙන ඇති බවයි.

රට ආරක්‍ෂා කිරීම සඳහා පාලන පියවර ගත් බවද ඇය පවසයි.

දැනට කුරුලු උණ වාර්තා වන කිසිදු රටකින් සත්ව නිෂ්පාදන හෝ සතුන් ශ්‍රී ලංකාවට ආනයනය කිරීමට අවසර නොමැති බවද ඇය සඳහන් කළාය.

“ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත කිහිපයක ප්‍රථම වරට ගවයන්ට කුරුලු උණ රෝගය වැළදී තිබෙනවා. ඒ නිසා එය බරපතල තත්ත්වයක්,” වෛද්‍ය කොතලාවල සඳහන් කරයි.

එමෙන්ම රට තුළ ක්‍රියාත්මක රෝග මර්දන ක්‍රියාමාර්ග තවදුරටත් ශක්තිමත් කර ඇති බවත්, ඒ පිළිබඳව අනවශ්‍ය බියක් ඇතිකර නොගන්නා ලෙසත් ඇය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

  • dinamina

 

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

සැක සහිත සමාජ මාධ්‍ය පණිවිඩ විවෘත කරන්න එපා . . .

Mon Jun 24 , 2024
විවිධ බැංකු , වාණිජ ආයතන , අන්තර් ජාතික ආයතන නාමයන් භාවිතා කරමින් පරිත්‍යාග , මුදල් තෑගි , දිනුම් වාසනා , රැකිරක්ෂා ලබාදීමට , ලියපදිංචි වන ලෙස දන්වමින් එවනු ලබන ව්‍යාජ පණිවුඩ වලින් ප්‍රවේසම් වන ලෙස ශ්‍රී ලංකා සර්ට් (Sri Lanka CERT) ආයතනය මහජනතාවගෙන් ඉල්ලා සිටියි. අනුකාරක ( Fake web ) […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x