වෙඩි වැදුණු පලස්තීනුවා හමුදා රථයේ ගැටගසා රැගෙන ගිහින් . . .

පලස්තීනයේ බටහිර ඉවුරේ ජෙනින් නුවර වැටලීමක් අතරතුර දී තුවාල ලැබූ පලස්තීන ජාතිකයකු හමුදා ජීප් රථයක ඉදිරිපස ගැටගසා රැගෙන යෑමෙන් එම නිලධාරීන් හමුදා නීතිය උල්ලංඝනය කළ බවට ඊශ්‍රායලයේ ආරක්ෂක හමුදාව පිළිගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පසුගියදා සිදුවූ එම වැටලීමේදී අදාළ පලස්තීන ජාතිකයා ඊශ්‍රායල වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා ඇති අතර, පලස්තීන ජාතිකයන් පිරිසක් එම සිදුවීම වීඩියෝගත කර සමාජ මාධ්‍යජාලයට මුදා හැරීමෙන් ජාත්‍යන්තර අවධානයට ලක්වී තිබේ. ඊශ්‍රායල හමුදාව සතු ජීප් රථයක බොනට්ටුවේ ගැටගසා එම පුද්ගලයා රැගෙන ගොස් ඇති අතර, පසුව ඔහු රතු කුරුස සංවිධානයට බාර දී ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.

එම සිදුවීම පිළිබඳ කඩිනම් විමර්ශනයක් පවත්වන බව ඊශ්‍රායල ආරක්ෂක හමුදාව ප්‍රකාශ කර ඇති අතර, ජාත්‍යන්තර අප්‍රසාදයට ලක්වූ එම සිදුවීම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දැඩි අවධානයට ලක් වූ ඇතැයි ද වාර්තා වේ.

  • dinamina
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ලොව ලාබාල මහාචාර්යවරයා . . .

Mon Jun 24 , 2024
  ලොව ළාබාලතම මහාචාර්යවරයා වීමට ඉන්දියානු සම්භවයක් සහිත 12 හැවිරිදි සිසුවකු වන සුබෝනෝ බාරිට හැකියාව ලැබී ඇත. ඔහුගේ බුද්ධි මට්ටම හේතුවෙන් මුම්බායි විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යාව පිළිබඳ ආරාධිත මහාචාර්යවරයකු ලෙස දේශන පැවැත්වීමට මේ වනවිටත් ඔහුට ආරාධනා ලැබී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඇමෙරිකාවේ උසස් අධ්‍යාපන ආයතන සඳහා සිසුන් බඳවා ගන්නා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x