සැක සහිත සමාජ මාධ්‍ය පණිවිඩ විවෘත කරන්න එපා . . .

විවිධ බැංකු , වාණිජ ආයතන , අන්තර් ජාතික ආයතන නාමයන් භාවිතා කරමින් පරිත්‍යාග , මුදල් තෑගි , දිනුම් වාසනා , රැකිරක්ෂා ලබාදීමට , ලියපදිංචි වන ලෙස දන්වමින් එවනු ලබන ව්‍යාජ පණිවුඩ වලින් ප්‍රවේසම් වන ලෙස ශ්‍රී ලංකා සර්ට් (Sri Lanka CERT) ආයතනය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

අනුකාරක ( Fake web ) වෙබ්අඩවි , සමාජ මාධ්‍ය (Social Media ) වේදිකාවන්,  SMS, WhatsApp , හරහා එවනු ලබන පණිවුඩ මගින් මෙම සයිබර් ජාවාරම්කරුවන් මහජනතාව හා සම්බන්ධ වීමට උත්සහ දරයි.

ඔවුන් විසින් ලබාදෙන links වෙත පිවිසීමෙන් ඊට සම්බන්ධවන පුද්ගලයන්ගේ පරිගණක , ජංගම දුරකථන වල ඇති දත්ත සොර ගැනීමෙන් විවිධ අපචාර සදහා මෙන්ම මුදල් වංචා ද සිදුකරනු ලබයි.

මෙවැනි අපරාධ මෑත කාලයේ වැඩිවෙමින් පවතින අතර එම අපරාධවලට ගොදුරුවන්නන්ගේ ප්‍රමාණයද වැඩිවෙමින් පවතින බව ශ්‍රී ලංකා සර්ට් ආයතනය පවසයි.

තවද විවිධ ජාතික හා ආගමික උත්සව මුල් කරගනිමින් මෙම වංචාකරුවන් කටයුතු කරනු දක්නට ලැබෙන බව වාර්තා වී තිබෙයි ශ්‍රී ලංකා සර්ට් ආයතනය ඇතුළු විවිධ සංවිධාන මෙම සයිබර් වංචාවන් පිලිබඳ පුළුල් දැනුවත් කිරීමේ ප්‍රචාරණයක් දියත් කොට ඇත.

නොදැනුවත් භාවය හා නොසලකා හැරීම නිසා මෙම අපරාධවලට ගොදුරු වන්නන්ගේ පැමිණිලි දිනපතා වැඩිවෙමින් පවතී.

සැකසහිත අන්තර්ජාල හා සමාජ මාධ්‍ය පණිවුඩ ලැබුන හොත් ඒවාට පිවිසීමට පෙර අදාළ ආයතන වල නිල වෙබ් අඩවි වලට පිවිසීමෙන් හෝ නිල දුරකථන අංක ඔස්සේ හෝ කරුණු විමසා සහතික කරගන්නා ලෙස ශ්‍රී ලංකා සර්ට් ආයතනය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

එසේ සහතික කරගත නොහැකි පණිවුඩ විවෘත කිරීමෙන් වලකින ලෙස හෝ නොසලකා හරින ලෙස ශ්‍රී ලංකා සර්ට් ආයතනය තවදුරටත් මහජනතාව ගෙන් ඉල්ලා සිටියි.

  • dinamina
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

අපස්මාර රෝගය පාලනයට නව උපකරණයක් . . .

Mon Jun 24 , 2024
උග්‍ර අපස්මාර රෝගී තත්ත්වයෙන් පෙළෙන පිරිමි දරුවෙකුගේ හිසට නව උපකරණයක් සවිකර එම රෝගී තත්ත්වය පාලනය කිරීමේ අත්හදාබැලීමක් එංගලන්තයේ සිදුකර ඇත. එවැනි අත්හදාබැලීමකට මුහුණදුන් ලොව පළමු අපස්මාර රෝගියා වන්නේ ඕරන් නෝල්සන් නම් 13 හැවිරිදි එම දරුවා වන අතර ඔහු එම සැත්කමට මුහුණ දී තිබුණේ 2023 දීය. Neurostimulator නම් එම උපකරණය මගින් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x