අධිවේගී මාර්ගයට යතුරුපැදියක් ධාවනය කර රිය අනතුරක් සිදුකළ බවට පොලිස් කොස්තාපල්වරයෙකු දක්ෂිණ අධිවේගී මාර්ග රථවාහන පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකාර පොලිස් කොස්තාපල්වරයා බීමතින් සිට ඇති බවට අනාවරණය වී ඇති බව පොලීසිය පැවසුවේය. කොතලාවල පිවිසුමෙන් අධිවේගී මාර්ගයට සිය යතුරුපැදිය ඇතුළු කර ඇති ඔහු පොලිස් අණ නොතකා කොට්ටාව දෙසට ගමන් කර යළි යතුරුපැදිය හරවා කඩවත දෙසට ගමන් කිරීමේ දී මෝටර් රථයක ගැටී අනතුරට ලක්ව ඇති බව සඳහන්ය. සැකකාර පොලිස් කොස්තාපල්වරයා අධිවේගී මාර්ගයේ කිලෝමීටර් දෙකක පමණ දුරක් සිය යතුරුපැදිය ධාවනය කර ඇති බව පොලීසිය පැවසුවේය. අනතුරින් මෝටර් රථයට හා යතුරුපැදියට හානි සිදුව තිබේ. බෙම්මුල්ල පොලිස් ස්ථානයට අනුයුක්ත අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා සම්බන්ධයෙන් සපුගස්කන්ද පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
Subscribe
0 Comments
Inline Feedbacks
View all comments
සබැඳි පුවත්
- 2 years ago
ජාත්‍යන්තර ඇමැතුම් ගාස්තු ඉහළ දාන්න අවසර
- 2 years ago
සජිත් සත්භාවයෙන්ම 22 ට සහාය දෙයි . . .
- 1 month ago
මෛත්‍රී පක්ෂයේ සියලු දෙනා කොළඹට කැඳවයි . . .
- 2 years ago
පාස්කු විමර්ශන ගැන විශේෂ හෙළිදරව්වක්
- 2 years ago
හෝමාගම රථවාහන ධාවනයට බාධා
- 2 years ago
හයිලෙවල් මාර්ගය හිරවෙයි