යුක්රේනයේ ප්‍රදේශ හතරක් අත්පත් කර ගත් බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අද (සැප්. 30) නිල වශයෙන් නිවේදනය කළේ ය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එම ප්‍රදේශ “දැන් රුසියානු භූමියට අයත් ප්‍රදේශ” බවට රුසියානු ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බව ය.
ඒ අනුව යුක්රේනයේ ඩොනෙට්ස්ක්, ලුහාන්ස්ක්, කර්සන් සහ සපොරීෂියා යන කලාප රුසියාව මෙලෙස සිය භූමියට ඈඳා ගෙන ඇත. එම භූමි ප්‍රදේශ සඳහා රුසියාව විසින් පත් කරන ලද නායකයින් ඊට අදාළ ලේඛනවලට අත්සන් තැබීම සිදු වූ බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. අදාළ ලේඛනවලට රුසියානු ජනාධිපතිවරයා ද අත්සන් තබා තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එම දර්ශනය මීට වසර අටකට පෙර දකුණු යුක්රේන අර්ධද්වීපයක් වන ක්රිමියාව රුසියාවට ඈඳා ගත් අවස්ථාවේ වූ සිදුවීම්වලට සමාන බව ය.
යුක්රේනයේ නව ප්‍රදේශ 4 ක් රුසියාවට ඈඳා ගැනීමේ ගිවිසුම් අත්සන් කිරීමේ උත්සවය අද මොස්කව් වේලාවෙන් පස්වරු 3:00 ට පැවැත්විණි.