බෙලිඅත්තේ කසිප්පු ඇල්ලීම තහනම් . . .

බෙලිඅත්ත ප්‍රදේශයේ කසිප්පු ඇල්ලීම නාමල් සර් විසින් තහනම් කර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක පාර්ලිමේන්තු  සඳහන් කරයි.

ඒ සම්බන්ධයෙන් වන හඬපටයක් සමාජ ජාලවල හුවමාරු වෙමින් ඇති බව ද ඔහු පැවසීය.

බෙලිඅත්ත පොලිසියේ පහළ නිලධාරියෙකු කසිප්පු තොගයක් අත්අඩංගුවට ගත් විට එම පොලිසියේ ස්ථානාධිපතිවරයා එම මත්ද්‍රව‍‍‍ය්‍ය අත්අඩංගුවට ගැනීම පිළිබඳව පහල පොලිස් නිලධාරියාට බැන වැදී චෝදනා එල්ල කර ඇති බව ද ඔහු පැවසීය.

නාමල් සර් දැනුම් දී ඇත්තේ අල්ලන්න එපා කියලා බවත් එසේ නොකළ හොත් තමන්ට උසස්වීමක් ලබා ගැනීමට නොහැකි වන බවත් හෙතෙම පවසනු එම හඬපටයේ ඇතැයිද ජවිපෙ නායකයා කියා සිටියේය.

එම පක්ෂය විසින් සංවිධානය කර ලද ජනහමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.

 

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මුදල් අච්චු ගැසීම IMF තහනම් කරයි . . .

Tue Jan 10 , 2023
ශ්‍රී ලංකාවට තවදුරටත් මුදල් අච්චු ගැසීම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් තහනම් කර ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන  පැවසීය. ඔහු මේ බව කියා සිටියේ අද කොළඹදී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීය. “අපි දිගටම සල්ලි අච්චු ගහලා, අච්චු ගහලා ණය අරගෙන ඒම තුළ තමයි නිදහසින් අවුරුදු 75ක් ගතවෙන කොට අපිට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x