අයිස් බෙදූ බන්ධනාගාර ජේලර්වරයකු අත්අඩංගුවට . . .

අයිස් මත් ද්‍රව්‍ය බෙදා හැරීමේ ජාලයක සාමාජිකයන් බව කියන බන්ධනාගාර ජේලර්වරයකු ඇතුලු 11 දෙනකු සමග අයිස් මත් ද්‍රව්‍ය ග්‍රෑම් 25 අත්අඩංගුවට  ගත් බව ගම්පහ මූලස්ථාන පොලීසිය සඳහන් කරයි.

පොලීසියට ලද තොරතුරක් මත මත් ද්‍රව්‍ය බෙදා හැරීම සිදු කරන මිනුවන්ගොඩ ප්‍රදේශයේ හෝටල් කළමනාකරුවකු අත් අඩංගුවට ගෙන ඇත.  ඔහුගෙන් ලබ තොරතුරු මත උග්ගල්බඩ දී අයිස් මත් ද්‍රව්‍ය ලබා ගැනීමට පැමිණි 8 දෙනකු අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

එම තොරතුරු අනුව හෝටල් කළමනාකරුට මත් ද්‍රව්‍ය ලබා දෙන බව කියන රාගම ප්‍රදේශයේ පුද්ගලයකු අත් අඩංගුවට ගනු ලැබූ බවත් පොලීසිය පවසයි. අනතුරුව රාගම පදිංචි පුද්ගලයාගෙන් ප්‍රශ්න කිරීමේදී ජේලර්වරයකු ඔහුට මත් ද්‍රව්‍ය  ලබාදීම සිදු කරන බව අනාවරණය වීය.

ඒ අනුව එම බන්ධනාගාර දෙවන පන්තියේ ජේලර්වරයා ගම්පහ, කිරිදිවිට ප්‍රදේශයට ගෙන්වා ඔහුද අත් අඩංගුවට ගනු ලැබූ අවස්ථාවේදී ඔහු සතුව අයිස් මත් ද්‍රව්‍ය  බවත් පොලීසිය පවසයි.

මොහු කඩවත ප්‍රදේශයේ පදිංචි අවුරුදු 31 වයසැති පුද්ගලයකු බව පවසන පොලීසිය  කියයි.

  • තිලකරත්න දිසානායක සහ ටෝනි කරුණානායක
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මත්ද්‍රව්‍ය භාවිතා කරන රියදුරන් අල්ලන නව ක්‍රමයක් . . .

Wed May 17 , 2023
  අන්තරායකර මත්ද්‍රව්‍ය භාවිතා කරමින් රිය ධාවනය කරන රියදුරන් ප්‍රමාණය සීඝ්‍රයෙන් ඉහළ යන බැවින්  මාර්ග අනතුරු වැඩිවීමේ ප්‍රවණතාවය අඩුකරගැනීම අරමුණු කරගනිමින් මත්ද්‍රව්‍ය නිවාරණ නියමු වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමෙහි ලා  මූලික සාකච්ඡාව (16) දින ප්‍රවාහන රාජ්‍ය  අමාත්‍ය ලසන්ත අලගියවන්නගේ ප්‍රධානත්වයෙන් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාංශ මරදාන පරිශ්‍රයේදී පැවැත්විණි. මත්ද්‍රව්‍ය භාවිතා කරමින් රිය ධාවනය කරන […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x