මුල්‍ය වංචා සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රංගන ශිල්පිණි දමිතා අභයරත්න හා ඇගේ සැමියාට එරෙහිව තවත් පැමිණිලි දෙකක් ගොනුකර ඇති බව එම නඩුවේ පැමිණිලිකරු සඳහන් කරයි. පැටිකෝරළලාගේ ප්‍රසන්න නම් ඔහු පවසන්නේ කුරුණෑගල වංචා හා විමර්ශන ඒකකයේ එක් පැමිණිල්ලක් හා පෑලියගොඩ පොලිසියට තවත් පැමිණිල්ලක් මෙසේ ගොනුකර ඇති බවය. තමන් විදේශගත […]

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් පිලට එරෙහිව දකුණු අප්‍රිකාවේදී පැවැති එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සහ අවසන් තරගය ලෝක වාර්තාවක් ද සමගින් ජය ලැබීමට සමත් විය. එහිදී පළමුව පන්දුවට පහර දුන් සත්කාරක දකුණු අප්‍රිකානු පිල ඕවර 50 යේදී කඩුලු 5 ක් දැවී ලකුණු 301 ක් රැස්කළ අතර […]

රාජ්‍ය වැවිලි ව්‍යවසායන් යටතේ සේවය කරනු ලබන සේවකයන්ගේ නොගෙවූ ව්‍යවස්ථාපිත ගෙවීම් (EPF/ETF) සිදු කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාව ලබන සතියේ අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කිරීමට නියමිතය. රාජ්‍ය වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍ය සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය ඒ බව පවසයි. ඔහු පෙන්වා දෙන්නේ ඒ අනුව සේවක අර්ථසාධක අරමුදලේ සහ සේවා […]

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කටයුතු කිරීම වළක්වාලමින් නිකුත් කර තිබෙන වාරණ නියෝගය පැමිණිලි සහ විත්ති පාර්ශවයන්ගේ එකඟතාවය මත මැයි මස 09 වනදා දක්වා දීර්ඝ කරන ලෙස කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන අද (18) නියෝග කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසිකාවක වන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා […]

මියන්මාර බන්ධනාගාරයේ සිටින අවුන් සාන් සුකී එරටට බලපා ඇති දැඩි උෂ්ණත්වය හේතුවෙන් නිවාස අඩස්සියට පත් කර ඇතැයි එරට හමුදා රජයේ ප්‍රකාශක මේජර් ජෙනරාල් සෝ මින් තුන් පැවැසුවේය. මියන්මාරයට බලපා ඇති දැඩි උෂ්ණත්වය හේතුවෙන් 78 වැනි වියේ පසුවන අවුන් සාන් සුකී රෝගාතුර විය හැකි නිසා මෙම තීරණය ගත් බව මේජර් ජෙනරාල් […]

ජූලි මස 26 වැනිදා සිට අගෝස්තු මස 11 වැනිදා දක්වා ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්වීමට සැලසුම් කර තිබෙන 2024 ඔලිම්පික් උලෙළේ ගිනි සිළුව ප්‍රංශය බලා රැගෙන යෑමේ සංචාරය නිල වශයෙන් ආරම්භ වී ඇත. ඒ ග්‍රීසියේ ඔලිම්පික් උළෙලේ සමාරම්භක ස්ථානය ලෙසින් සැලකෙන පෞරාණික ඔලිම්පියාහිදී පැවැති සාම්ප්‍රධායික උත්සවයකින් අනතුරුවය. දල්වන ලඳ මෙම ගිනි […]

ඓතිහාසික මිහින්තලේ රජමහා විහාරස්ථානයට අයත්, අනුලා චෛත්‍යයේ ප්‍රතිසංස්කරණය කිරීමට අදාළව බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා සහ වෙනත් හිමිනමක් අතර ඇති කර ගත් බව කියන, දස වසරක ගිවිසුම අවලංගු කරන ලෙස ඉල්ලා, මල්වතු මහා විහාර පාර්ශවයේ මහනායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නාහිමිපාණන් විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් […]

නිරූපණය පියුමි හංසමාලි මුල්‍ය විශුද්ධකරණයේ යෙදෙන්නේ යයි චෝදනා එල්ල කරමින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කර තිබේ. මගෙන් රටට සංවිධානයේ සභාපති සංජය මවත්ත මෙම පැමිණිල්ල ගොනු කරමින් කියා සිටියේ පියුමි හංසමාලි අති සුඛෝපභෝගී ජීවිතයක් ගත කරමින් සිටින බවත් ඇය ටෙලි නාට්‍ය කිසිවක මෑතක පෙනී නොසිටි බවත් රූපලාවන්‍ය අලෙවියෙන් එතරම් ආදායමක් […]

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රධානතම බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියක් වන ‘උමා ඔය’ බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීමේ නිල උත්සවය ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රසියිම්ගේ ප්‍රධානත්වයෙන් මේ මස 24 වැනිදා පැවැත්වේ. මෙම ව්‍යාපෘතිය ඉරාන අපනයන සංවර්ධන බැකුවේ ණය ආධාර යටතේ 2010 වසරේ ආරම්භ කළ අතර එම ව්‍යාපෘතිය ඔස්සේ ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 120 […]

කොළඹ, අලුත්කඩේ ප්‍රදේශයේ ක්‍රියාත්මක ‘Street food’ වීදියේ වෙළෙදසලකින් ආහාර මිල දී ගැනීමට පැමිණි විදේශිකයෙකුට අඩත්තේට්ටම් කර තර්ජනාත්මකව බලපෑම් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ව්‍යපාරිකයා ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ. එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ සැකකරු රු. 50,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප මත […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.