ලෝකයේ ජනප්‍රියම අන්නාසි ප්‍රභේදයක් වන  MD 2 හෙවත් Super Sweet pine apple  (Ananas Comosus) අන්නාසි ප්‍රභේදය ශ්‍රී ලංකාවේ වගාව සඳහා කඩිනමින් නිර්දේශ  දෙන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය. MD 2 අන්නාසි ප්‍රභේදය සඳහා ලෝක වෙළෙඳපොළේ  විශාල ඉල්ලුමක් පැවතිය ද මේ වන තෙක් එම […]

කාන්තා උපත් පාලන කොපු (කාන්තා කොන්ඩම්) භාවිත කිරීමට කාන්තාවන් මැළිකමක් දක්වන බව සෞඛ්‍ය අංශ පවසයි. පවුල් සෞඛ්‍ය සායනවලදි කාන්තාවන් සඳහා උපත් පාලන කොපු වෙනමම නොමිලයේ ලබාදීමට කටයුතු කළද කාන්තාවන් එම උපත් පාලන කොපු ලබාගැනීමක් සිදුනොකරන බව වාර්තා වෙයි. සෞඛ්‍ය බලධාරින් පවසන්නේ බොහෝ කාන්තාවන් මෙම උපත් පාලන කොපු ලබා ගැනීමට යම් […]

කොළඹ ජාතික රෝහලේ රෝගීන්ට සහ සේවකයන්ට ලබා දෙන වියළි සලාක සැලකිය යුතු ප්‍රමාණයක් ප්‍රමිතියෙන් තොර බාල ඒවා බව එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන ප්‍රකාශ කළේය. එසේම ඇතැම් අවස්ථාවලදී රෝගීන්ගේ ආහාර වේල සඳහා ලබාදෙන එළවළුද කුණු වීමට ආසන්න ඒවා බව වෛද්‍ය බෙල්ලන සඳහන් කළේය. රෝගීන්ට සහ සේවකයන්ට ලබා දෙන […]

හලාවත බලා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රියක් කොටුව දුම්රිය ස්ථානයේදී අනතුරට ලක්ව ඇත. ඊයේ (15) පස්වරු 2.35 ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට හලාවත බලා ධාවනය වීමට නියමිත වූ දුම්රිය පළමුවන වේදිකාවට ඇතුලත් කිරීමේදී දුම්රිය නියමිත ස්ථානයේදී නවතා ගැනීමට එම දුම්රියෙහි කාර්‍යමණ්ඩලය අපහොසත් වීම මත වේදීකාව ද කඩා ගෙන එම […]

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වීමට අදාළ සියලු නැකත් ශාත්‍ර කටයුතු සිදු කර ගැනීම සඳහා රනිල් වික්‍රමසිංහ ඔහුගේ සමීපතම හිමිනමකට බාර දී ඇති බව වාර්තා වේ. එම හිමිනමට අදාළ නැකැත් කටයුතු පැකේජයක් ම බාර දී ඇත. ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වීමට සුදුසු ගණ පිහිටුවන ලද පක්ෂයක් තෝරා දීම, අපේක්ෂක අයදුම් පත්‍රය අත්සන් කිරීමට දින […]

මුලින්  නිකුත් කෙරුණු තීරු බදු රහිත  වාහන බලපත්‍රය ලබාදිය නොහැකිනම් ඊට වඩා අඩු වාහනයක් හෝ මිලදී ගැනීමට වාහන බලපත්‍රයක් ඉදිරි ජනාධිපතිවරණයට පෙර  දෙන්නැයි  ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් කතානායකවරයාගෙන් සහ  රජයේ ප්‍රධානීන්ගෙන් පසුගියදා නැවත වරක් ඉල්ලීමක් කළහ. මේ අනුව මෙම කාරණය පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවේදී ඉදිරි දිනවලදී  සාකච්ඡා කිරීමට […]

අනාගතයේදී පාරිභෝගික ජනතාවට ජලය සැපයීම වඩාත් දුෂ්කර වනු ඇතැයි ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි. මෙම තත්ත්වය හේතුවෙන් ජල නාස්තිය අවම කිරීම සඳහා මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වාදීමට ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය සැලසුම් කර ඇත. මනු කියවීමට පෙර සහ පසු සිදුවන ජල නාස්තිය අවම […]

මෙම වර්ෂයට (2024) අදාළ වලංගු ජීවිත සහතික ලබානොදීම හේතුවෙන් විදේශගත විශ්‍රාමිකයන් හාරසිය අසුපස්දෙනකුගේ (485) විශ්‍රාම වැටුප තාවකාලිකව අත්හිටුවා ඇත. විදේශයන්හි ජීවත්වන විශ්‍රාමිකයන් සිය විශ්‍රාම වැටුප අඛණ්ඩව ලබා ගැනීම සඳහා වර්ෂයකට වරක් ජීවත්වීමේ සහතිකයක් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත ලබා දීම අනිවාර්ය වන අතර එසේ නොවන විට විශ්‍රාම වැටුප් ගෙවීම නවතා දැමීමට […]

සුපිරි බොලිවුඩ් නළු සල්මන් ඛාන්ට අයත් මුම්බායි හි බන්ද්‍රා හි පිහිටි නිවස ඉදිරි පිට වෙඩි තැබීමක් සිදුව ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඊයේ අලුයම 5.00ට පමණ සල්මාන් ඛාන් වාසය කරන නිවස පිහිටි Galaxy Apartments නිවාස සංකීර්ණයෙන් පිටතදී අවම වශයෙන් වෙඩි ප්‍රහාර හතරක් පමණ එල්ල වී ඇතැයි ස‍ඳහන්වේ. ඉන්දීය ජනමාධ්‍ය පැවසුවේ […]

වයස අවුරුදු 17දී ගුවන් නියමුවරියක වූ ශ්‍රී ලංකාවේ ළාබාලතම ගුවන් නියමුවරිය වන සත්නාරා ප්‍රනාන්දු පසුගියදා සතිඅන්ත පුවත්පතක ටැබිලොයිඩ් අතිරේකයක් සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී තමන් පැමිණි මාවත පිළිබඳව විස්තරයක් ඉදිරිපත් කර තිබිණි. එම සම්පූර්ණ විස්තරය උපුටාගෙන පහතින් පල කේරේ, “මගේ අම්මා ගුවන් සේවිකාවක්. මතක ඇති කාලේ ඉදලා මම ප්ලේන්වලට ආසයි. අම්මා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.