ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවතිණි එක්දින තරගාවලියේ තුන්වන තරගය කොළඹ ආර් ප්‍රේමදාස පිටියේදී අද පැවැත්වුණා. එම තරගයෙන් විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා. ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 292 ක් රැස් කළ අතර දෙවෙනි ඉනිම ක්‍රීඩා කල ශ්‍රී ලංකානු කණ්ඩායම එම ලකුණු සීමාව පහසුවෙන් ඉක්මවා […]

සහල්, තිරිඟුපිටි, සීනි, පරිප්පු, ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය දහයක් ආනයනය කිරීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියන සීයයක් මුදලක් ලබා දීමට ශ්‍රී ලංකා මහ බැංකුව කැමැත්ත පළ කර ඇත. එම භාණ්ඩ විවෘත ඇණවුම් ක්‍රමය යටතේ ගෙන්වීමට ආනයනකරුවන් යෝජනා කළද ශ්‍රී ලංකා මහ බැංකුව ඊට විරුද්ධත්වය පළ කර තිබේ. ඊට හේතුව වන්නේ උණ්ඩියල් ක්‍රමයට ඩොලර් […]

ඉන්ධන සඳහා ඉහළ ඉල්ලුමක් ඇති නොකරන ලෙසත් අත්‍යවශ්‍ය නොවන ගමන් බිමන් සඳහා පෙට්‍රල් ලබා ගැනීමෙන් වළකින ලෙසත් බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. ත්‍රිරෝද රථ රියදුරන් ඇතුළු ඉන්ධන මත යැපෙන අත්‍යාවශ්‍ය සේවාවල නිරත වන වෛද්‍යවරුන් සහ අනෙකුත් අත්‍යාවශ්‍ය සේවකයන් සඳහා ප්‍රමුඛතා පදනම මත ඉන්ධන නිකුත් කරන බව අමාත්‍යවරයා දැනුවත් කිරීමේ […]

ප්‍රවීණ රංගන ශිල්පිනී ලියෝනි කොතලාවල මහත්මිය අද (19) උදෑසන සිය නිවසේදී අභාවප්‍රාප්ත වූවාය. කලක් රෝගාතුරව සිටි ඇය මිය යන විට 74 වන වියේ පසු වූවා ය. 17 හැවරිදි පාසල් සිසුවියක ලෙස රංගනයට පිවිසි ලියෝනි කොතලාවල පසු කලෙක වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය මෙන්ම සිනමාවද වර්ණවත් කළාය. 1962 වර්‍ෂයේදී ශ්‍රී ලංකා කලා […]

රටපුරා පවතින ඉන්ධන අර්බුදය නිසාවෙන් හදිසි සැත්කම් සඳහා හෝ රෝහල්වලට පැමිණීමට ඇතැම් වෛද්‍යවරුන්ට නොහැකි තත්වයක් නිර්මාණය වී තිබෙනවා. ඉන්ධන නොමැති වීම නිසා ඇතැම් වෛද්‍යවරු සීමිත පහසුකම් යටතේ රෝහල්වල නේවාසිකාරවල නැවතී කටයුතු කලත් සෑම රෝහලකටම එවැනි පහසුකම් ප්‍රමාණවත් පරිදි නොමැති බවයි වාර්තා වන්නේ.  මල් කැකුළු මිලින කරවමින් මහරගම අපේක්‍ෂා රෝහලත් වැසී […]

රට තුළ පවතින අසීරුතා තත්ත්වය මත පේරාදෙණිය විශ්ව විද්‍යාලය වසා දැමීමට තීරණය කර තිබේ.ඒ අනුව විශ්වවිද්‍යාලයේ සියලුම අධ්‍යයන වැඩසටහන් සහ විභාග තාවකාලිකව නවතා දැමීමට පියවර ගෙන ඇති අතර නේවාසිකාගාර ද මේ යටතේ වසා දැමෙනු ලබයි.මේ නිසා නේවාසිකාගාරවල රැඳී සිටින සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන් වහාම නේවාසිකාගාරවලින් පිටත්ව නිවෙස් බලා යන ලෙසයි විශ්වවිද්‍යාලයේ […]

ඉන්ධන අර්බුදය හමුවේ උද්ගතව ඇති ප්‍රවාහන අසීරුතා හේතුවෙන් ලබන සඳුදා සිට සතියක කාලයක් සඳහා කොළඹ නගරයේ සියලුම පාසල් වසාදැමීමට තීරණය කර තිබේ.අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් එම්. එන් රණසිංහ මහතා සඳහන් කළේ ප්‍රවාහන ගැටලු නොමැති දිවයිනේ සියලුම ග්‍රාමීය පාසල් විදුහල්පතිවරුන්ගේ අභිමතය පරිදි පවත්වාගෙන යා හැකි බවය.එමෙන්ම තදාසන්න නගරවල පාසල් එම සතිය තුළ […]

ගාලු මුවදොර හා විරෝධතා ආශ්‍රිත ප්‍රදේශවල සැරිසැරීමේදී වඩාත් කල්පනාකාරීව කටයුතු කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී. නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය පෙන්වා දෙන්නේ පසුගිය මාස 2ක ආසන්න කාලය තුළ ගාලු මුවදොර සහ විරෝධතා පැවැත්වෙන ප්‍රදේශයේ සිදුව ඇති අපරාධ සම්බන්ධයෙන් කොටුව පොලීසියට පැමිණිලි රාශියක් ලැබී ඇති බවය. යතුරුපැදි සොරකම් කිරීම්, ත්‍රීරෝද රථ […]

1

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හදිසියේම කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති බව වාර්තා වේ. ඔහුගේ රෝගය පිළිබඳ මෙතෙක් කිසිදු නිල තොරතුරක් වාර්තා වී නොමැති අතර නිල නොවන රෝහල් ආරංචි මාර්ග පවසන්නේ හිටපු ඇමැතිවරයා පරීක්ෂණ කීපයක් සිදු කර ගැනීම සඳහා රෝහල් ගතව ඇති බවයි.

අප විසින් ඇමරිකාවේ FBI ආයතනයට (Federal Bureau of Investigation) පසුගිය දා පැමිණිල්ලක් ඉදිරිපත් කළ අතර එහි සිංහල පරිවර්තනය පහතින් දැක්වේ. අධ්‍යක්ෂක, FBI මූලස්ථානය, වොෂින්ටන්, ඩී.සී. නීතිවිරෝධී ලෙස ධනය සහ වත්කම් අත්පත් කර ගැනීම් පිළිබඳ පැමිණිලි කිරීම අධ්‍යක්ෂකතුමනි, ශ්‍රී ලංකාවේ කළු තොප්පි (Black Cap Movement) සමාජ ව්‍යාපාරය ලෙස අපට, ඇමරිකා එක්සත් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.