අමාත්‍යපදවි වලින් ඉවත් කෙරුණු උදය ගම්මන්පිල සහ විමල් වීරවංශ යන මහත්වරුන් දෙදෙනාට සාධාරණයක් ඉටුවන තුරු තමා අමාත්‍යධූරයේ කටයුතුවලින් වැළකී සිටින බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවසීය.
තංගල්ල, නාකුළුගමුව ඉහළගොඩ ප්‍රදේශයේදි රුපියල් කෝටි හතර හමාරක් පමණ වටිනාකමෙන් යුක්ත වාහන තුනකින් ගිය පස් දෙනකුට අයත් වාහන තුනක් ගිනි ගෙන විනාශ වී ඇති බව තංගල්ල මූළස්ථාන පොලිසිය පවසයි.
කෙලවරපිටිය යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමට පැවරීමට ගෙන ඇති තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම්, විභාගයට ගැනීම ශ්‍රේෂ්ඨාධිකරණය අද (03) ප්‍රතික්ෂේප කලේය.
ශ්‍රී ලංකා මහ බැංකුව ස්ථාවර තැන්පත් පහසුකම් අනුපාතිකය සහ ස්ථාවර ණය පහසුකම් අනුපාතිකය ඉහළ නැංවීමට තීරණය කර තිබේ.
කෙරවලපිටිය විදුලි බලාගාරයට ‘නැප්තා’ ලීටර් ලක්ෂ 10 ක් ලැබුණු බව ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය.
සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තු සංකීර්ණයට සැකකටයුතු පාර්සලයක් රැගෙන එන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වහාම විධිමත් පරීක්ෂණයක් පවත්වන්නැයි ඉල්ලමින් ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු පිරිසක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට පෙත්සමක් බාර දුන්හ.
නිරිත දිග හා ගිණිකොණ දිග බෙංගාල බොක්ක ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් ශ්‍රී ලංකාවේ නැගෙනගිර වෙරළ ආසන්නයෙන් ඉදිරි පැය 48 තුළ ඉන්දියාවේ උතුරු තමිල්නාඩු වෙරළ දෙසට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඩීසල් නොමැති වීමෙන් භාන්ඩ ප්‍රවාහන සේවා සම්පූර්නයෙන්ම ඇන හිට ඇතැයි එක්සත් ලංකා බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල මහතා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතික පදනම් ඒකක 100කින් ඉහළ නංවා තිබෙනවා. ඒ අනුව ස්ථාවර තැන්පතු පහසුකම් අනුපාතය සියයට 6.5 දක්වා ඉහළ යන බවයි මහ බැංකුව ප්‍රකාශ කළේ. ස්ථාවර නිකුතු පහසුකම් අනුපාතය සියයට 7.5 දක්වා ඉහළ යනවා. මීට අමතරව ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා අදාළ වන වාර්ෂික පොලී අනුපාතිකය සියයට […]
යුක්රේනයේ සේපෝසේයා න්‍යෂ්ටික බලාගාරයට රුසියන් හමුදා පහර දුන්නේය. ප්‍රහාරයෙන් පසු බලාගාරයේ ගින්නක් ද හටගත්තේය. සේපෝසේයා යනු යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික බලාගාරයයි.