ව්‍යාජ තොරතුරු ඇතුළත් කළ ගුවන් ගමන් බලපත්‍ර සකස් කරදී පාතාලයන් ඩුබායිවලට පැන්නවීමේ ජාවාරමේ නිරත වූ දූෂිත නිලධාරීන් එක් බලපත්‍රයක් වෙනුවෙන් රුපියල් ලක්ෂ පහක් ලබාගෙන ඇතැයි හෙළිවී ඇත. ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලකවරුන් ලෙසින් පරිපාලන සේවයේ නිලධාරීන් දෙදෙනකු ඇතුළු දූෂිත කණ්ඩායම් කිහිපයක් කලක සිට කළ ජාවාරම් ගැන අරඹා ඇති විමර්ශනවලදී මේ […]

රාජ්‍ය ඇමැති පියල් නිශාන්ත ගේ මරණීය තර්ජන හේතුවෙන් තවදුරටත් රාජකාරි කිරීමට නොහැකි බව ජනපතිවරයාට ලිපියකින් දන්වා සී-නෝර් පදනමේ සභාපති ආචාර්ය දුලාන් හෙට්ටිආරච්චි සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇත. ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත තමාට තර්ජනය කරමින් අල්ලස් ඉල්ලන බවත් ඒවා ලබා නොදුන් ඇතැම් අවස්ථාවල විවිධ මාර්ගවලින් මරණීය තර්ජන කරන බවත් සඳහන් […]

සංවිධානාත්මක අපරාධවල සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වල යෙදෙන පුද්ගලයන් භාවිත කරනු ලබන ගිනිඅවි සම්බන්ධයෙන් තොරතුරු දෙන පුද්ගලයන්ට මුදල් ත්‍යාග ලබාදීමට තීරණය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිතීඥ නිහාල් තල්දූව පවසයි. T56 ගිනිඅවියක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය තොරතුරු ලබාදෙන අයෙකුට රුපියල් ලක්ෂ 05ක මුදලක් මෙන්ම තවත් වර්ගීකරණ කිහිපයකට යටත්ව […]

ඉන්දියාවේ ප්‍රකට විපක්ෂ දේශපාලනඥයෙකු සහ දිල්ලි ප්‍රධාන අමාත්‍ය අරවින්ද් කෙජ්රිවාල් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, මත්පැන් අලෙවිය සම්බන්ධයෙන් නගරයේ ප්‍රතිපත්තිවලට අදාළව ඔහුට එරෙහි දූෂණ චෝදනා සම්බන්ධව බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. දිල්ලි මහ ඇමති අරවින්ද් කෙජ්රිවාල් අත්අඩංගුවට ගෙන ඇත්තේ, ඉන්දියාවේ මූල්‍ය අපරාධ ඒජන්සිය විසිනි. කෙජ්රිවාල් සහ ඔහුගේ පක්ෂය වන ආම් ආද්මි […]

මේ වනවිට සමාජය තුළ නව රැල්ලක් බවට පත්වී ඇති මුදල් යොදාගෙන සිදුකරන විවිධ නිර්මාණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව ජනතාවට විශේෂ දැනුම්දීමක් සිදුකර ඇත. විසිතුරු භාණ්ඩ සහ තෑගි අයිතම සකස් කිරීම සඳහා වලංගු මුදල් නෝට්ටු යොදා ගැනීම සහ එවැනි ක්‍රියාකාරකම් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රවර්ධනය කිරීමේ ප්‍රවණතාව කෙරෙහි මහ බැංකුවේ අවධානය […]

සම්මානිත මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු මහතා අභාවප්‍රාප්ත වී තිබෙයි. මියවන විට ඒ මහතා 80 වැනි වියෙහි පසු විය. සන්නිවේදනය විෂයට අදාළ මහාචාර්යවරයෙකු වන චන්ද්‍රසිරි පල්ලියගුරු මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදන අධ්‍යන අංශයේ අංශාධිපතිවරයෙකු මෙන් ම එම විශ්වවිද්‍යාලයේ ම මානව ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපතිවරයා ලෙස කටයුතු කර තිබෙයි. නවකතා, විචාර ග්‍රන්ථ, පරිවර්තන සහ ළමා […]

වැලිකන්ද ප්‍රදේශයේ මහා පරිමාණ සහල් මෝලකට විකිණීම සඳහා රැගෙන ගිය රුපියල් ලක්‍ෂ පහළොවක් පමණ වටිනා කීරි සම්බා වී සහිත ලොරියක් සොරාගත් පිරිසක් සොයා වැලිකන්ද පොලිසිය විමර්ශනයක් ආරම්භකර ඇත. කෙසේ වෙතත් පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලදී සොරාගන්නා ලොරි රථය පමණක් අරලගංවිල හතර කණුව ප්‍රදේශයේ දමාගොස් තිබියදී  සොයාගෙන තිබිණි. එම ලොරි රථයේ කීරි […]

මේ දිනවල උෂ්ණත්වය වසරේ වෙනත් දිනවලට වඩා සෙල්සියස් අංශක එකකින්,දෙකකින් ඉහළ ගොස් තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. දිවයින පුරා මෙම තත්ත්වය පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් පැවසුවේය. සෑම වසරකම මාර්තු, අප්‍රේල් මාසවලදී උෂ්ණත්වය ඉහළ මට්ටමක පවතින බවත්, අප්‍රේල් මාසය අවසන් වනතුරු මෙම තත්ත්වය පවතින […]

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අතර හමුවක් ඊයේ (21) රාත්‍රියේ සිදුවී තිබේ. එහිදී ජනාධිපතිවරණය, ඉදිරියේදී පැවැත්වීමට නියමිත සෙසු මැතිවරණ පිළිබඳ සහ දේශපාලන කටයුතු පිළිබඳව දෙපාර්ශ්වය අතර අදහස් හුවමාරුවී ඇත. පළමුව ජනාධිපතිවරණය සඳහා සූදානම් වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා පැවැති කැබිනට් රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය […]

පොලිස් ස්ථානාධිපතිවරුන් අසූදෙනකු මේ සතිය තුළ මාරුකර යැවීමට පොලිස් මූලස්ථානය තීරණයකර ඇත. පොලිස්පතිවරයා විසින් ජාතික පොලිස් කොමිෂන් සභාවේ ද අනුමැතිය මත මෙම මාරු කිරීම් සිදුකිරීමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. පොලිස් ස්ථානාධිපතිවරුන් පත් කිරීම සඳහා සම්මුඛ පරීක්ෂණය මීට මාස දෙකකට පෙර පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේදී සිදුවූ අතර මෙහිදී […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.