පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් රත්‍රං තොගයක් සමග කටුනායකදී සිය බාරයට ගත් බව කටුනායක ගුවන්තොටුපොළ රේගු අංශය කියයි. මැදපෙරදිග සිට අද පෙරවරුවේ දිවයිනට පැමිණි අවස්ථාවේ මෙසේ අත්අඩංගුවට ගෙන ඇත. මන්ත්‍රීවරයාට අයත් ගමන්මල්ලේ රත්‍රං කිලෝ තුන හමාරක් රේගු නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
තොරතුරු
නුවරඑළියට අද (23) පස්වරුවේ ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් නගර මධ්‍යයේ ප්‍රධාන මාර්ග කිහිපයක් ජලයෙන් යට වී තිබේ. අප වාර්තාකරු පැවසුවේ මේ හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට ද බාධා එල්ල වි ඇති බවයි. එමෙන්ම නුවරඑලිය බෞද්ධ මධ්‍යස්ථානය ඉදිරිපිට ධර්මපාල මාවත ජලයෙන් යට වී ඇත. මාර්ග ජලයෙන් යටවීම හේතුවෙන් නගරයට ඇතුල්වන සහ […]
කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කොම්පඤ්ඤ වීදිය ග්‍රාම නිලධාරී වසම භාෂා තුනෙන් එලෙසම හැඳින්වීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. ඒ අනුව කොම්පඤ්ඤ වීදිය ග්‍රාම නිලධාරී වසම සිංහල භාෂාවෙන් කොම්පඤ්ඤ වීදිය ලෙසත් ඉංග්‍රීසි භාෂාවෙන් slave IsLand ලෙසත් දෙමළ භාෂාවෙන් ஸ்லேவ் ஐலண்ட் ලෙසත් ප්‍රකාශයට පත් කර ඇත. රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ […]
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක එම තනතුරින් ඉවත් කිරීමේ යෝජනාව පිළිබඳ විවාදය දැක බලා ගැනීම සඳහා රත්නායක ට අවසර නොදීමට පාර්ලිමේන්තු ප්‍රධානීන් තීරණය කර ඇත. ඒ බව ජනක රත්නායක ට දැනුම් දුන් බව පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවැසීය. පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව යමින් ඒ තීරණය ගත් බවද ඔහු සඳහන් […]
වාරියපොල නගරයේ වෙළද සැල් දෙකක් අද (22) අළුයම නිරුවතින් පැමිණි සොරෙකු විසින් බිද ඇතැයි වාරියපොල පොලිසිය කියයි. මෙම සොරා එක් වෙළද සැළකට වහළයෙන් බසින ආකාරය සහ එහි ඇති මුදල් සහ භාණ්ඩ සොරාගන්නා ආකාරය එම වෙළද සැළේ සවිකර තිබූ සී.සී.ටී.වී. කැමරාවක සටහන් වී තිබිණ. වෙළද සැළ හිමිකරු කියා සිටියේ රුපියල් ලක්ෂයකට […]
ජාතික ඩෙංගු මර්දන ඒකකය සදහන් කළේ, හදිසි තත්ත්වයකට මුහුණදීම සදහා අවශ්‍ය වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්යය මණ්ඩලයක් පුහුණුවීම් සිදුකර අවසන් බවයි. ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වෛද්‍ය ළහිරු කොඩිතුවක්කු සඳහන් කළේ, බෝවන රෝග ඒකකය සහ ඩෙංගු මර්දන ඒකකය ඒකාබද්ධව එම කටයුතු සිදුකර ඇති බවය. “ජාතික ඩෙංගු මර්දන ඒකකය හැටියට මුළු දිවයිනේම තියෙන […]
පොලිස් සේවය හැර ගිය පොලිස් කොස්තාපල්වරයෙක්ගේ පුවතක් වාර්තා වේ. ඒ ලැබෙන වැටුප ප්‍රමාණවත් නොවන බව පවසමින් ය. ඉන් ලැබෙන මුදල රාජකාරිය සඳහාවත් ප්‍රමාණවත් නොවන බව ඔහු සටහනක් ද තබා ඇත. මෙසේ රැකියාව හැර ගොස් ඇත්තේ වසරක පමණ කාලයක් නුංගමුව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ තරුණයෙක් ය. මේ අතර රැකියාව නිසා ඇති වූ […]
තමන් සිදුකළ ප්‍රකාශයකින් බෞද්ධ, හින්දු, ඉස්ලාම් සහෝදර ජනතාවගේ සිත් රිඳවීමක් සිදුවී ඇත්නම් ඊට සමාව ඉල්ලන බව ජෙරොම් ප්‍රනාන්දු සඳහන් කළේ ය. ඒ ඊයේ (21) පස්වරුවේ මිරිහාන ප්‍රදේශයේ උත්සවශාලාවක පැවති ආගමික දේශනයකට අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වෙමින් ය. ඔහු කළ ප්‍රකාශයකට අදාළ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමඟ එය රට තුළ දැඩි […]
තමන් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාව විවාදයට ගන්නා දින එය දැක ගැනීම සඳහා තමන්ටත් තම දරුවන්ටත් අවස්ථාව ලබාදෙන ලෙස මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක ඉල්ලීමක් කර ඇත. පාර්ලිමේන්තු මහ ලේකම්වරයාගෙන් ලිපියක් මගින් ඔහු ඉල්ලා ඇත්තේ තමාට මහජන ගැලරියේ ිසිට එම විවාදය නැරඹීමට අවස්ථාව ලබා දෙන ලෙසයි. […]
ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඉදිරි සතියේ පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි වීම අනිවාර්ය කර තිබෙනවා. ඒ සඳහා ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාලයෙන් ඉරි තුනේ නිවේදනයක් මගින් ලිඛිතව දැනුම් දීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ. ඒ ආකාරයෙන් ඉරි තුනේ නිවේදනයක් මගින් දැනුම් දෙන්නේ අයවැය ඡන්ද විමසීමකදී හෝ ව්‍යවස්ථා සංශෝධනයකදී වැනි අතිශය […]