ඉන්ධන මිල ඉහළ යාමත් සමග වහාම ක්‍රියාත්මක වන පරිදි බස් ප්‍රවේශ පත් ගාස්තුව හෙට (27) සිටම ඉහළ දැමිම සිදුකළ යුතු බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පවසයි. මේ අනුව නව ගාස්තුව ලෙස පවතින අවම මිල ගණන් 35% ත් 40% අතර ප්‍රමාණයකින් වැඩිවිය යුතු බව […]

ඉන්ධන මිල යළි ඉහළ යාමත් සමඟ ත්‍රිරෝද රථවල පළමු කිලෝමීටරය සඳහා මේ වනවිට අය කෙරෙන රුපියල් 100/= ක ගාස්තුවේ වෙනසක් සිදු නොවන නමුත් දෙවන කිලෝමීටරය සඳහා අය කෙරෙන රුපියල් 80/= ක ගාස්තුව රුපියල් 90/= දක්වා වැඩි කරන බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර මහතා කොළඹදී […]

ශ්‍රී ලංකා වාණිජ බැංකු කිහිපයක් ණය කාඩ්පත් සඳහා අයකරනු ලබන පොලී අනුපාතිකය ඉහළ දමා ඇති බව වාර්තා වෙයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය අප්‍රේල් 8 වැනිදා ණය කාඩ්පත් සඳහා පනවා තිබූ උපරිම පොලී අනුපාතික සීමා ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. එම තීරණයෙන් පසු එතෙක්  18% ක්ව පැවති ණය කාඩ්පත් පොලිය අද […]

ඊයේ දහවල් දොළහේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන ඇණවුම් ලබා දීම සම්පූර්ණයෙන්ම නවතා ඇතැයි ලංකා ඛණිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය සඳහන් කරයි. ඉරිදා නිවාඩු දිනයක් බැවින් එදිනටද ඉන්ධන ප්‍රවාහන කටයුත්තක් සිදු නොවන බවද ඒ අනුව සදුදා දිනය තෙක් ඉන්ධන ප්‍රවාහන කටයුත්තක් සිදු නොවන බවත් ඔවුන් කියා සිටී. ඊයේ […]

මසකට අවශ්‍ය ඇමරිකානු ඩොලර් මිලියන 800ක මුදලක් මෙරටට ලබාදීමට සූදානම් බව ශ්‍රී ලංකා දේශප්‍රේමී ඩයස් පෝරාව පවසනවා. ස්විට්සර්ලන්තයේ ලුසර්නර් විශ්ව විද්‍යාලයේ පර්‍යේෂක වෛද්‍ය නිලංග සමරසිංහ මහතා පැවසුවේ, ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීමට සියලු පාර්ශවවලින් සැදුම්ලත් ජාතික සභාවක් හරහා යෝජවලියක් ඉදිරිපත් කරන්නේ නම් රටට අවශ්‍ය එම මුදල ලබා දීමට කටයුතු කරනු […]

සඳුදා (ජූනි 27) සිට ජූලි 1 වන දා දක්වා වූ සතිය තුළ පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දීමක් කර තිබේ. ඒ අනුව, 2022-06-20 සිට 2022-06-24 දින දක්වා ග්‍රාමීය පාසල්වල පාසල් පැවත්වූ ආකාරයට සිසුන්ට සහ ගුරුවරුන්ට ප්‍රවාහන අපහසුතාව නොපවතින පාසල් සාමාන්‍ය පරිදි පැවැත්විය යුතු ය. මෙම පාසල්වල ප්‍රවාහන අපහසුතා පවතින […]

හම්බන්තොට වරාය 2017 වර්ෂයේ දී වසර අනූ නවයකට බදු දීමෙන් ලබාගත් මුදල එම වරාය ඉදිකිරීම සඳහා ලබාගත් ණය ගෙවීමට යොදා නොගෙන රජයේ වෙනත් කටයුතු සඳහා වියදම් කිරීමට මහ භාණ්ඩාගාරය විසින් යොදාගෙන ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප් කමිටුව) හෙළි විය. මේ අනුව හම්බන්තොට වරාය ඉදිකිරීම සදහා ලබා ගෙන […]

[Video] ඉන්ධන පිරවුම්හලක රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියෙකු සහ යුද හමුදා නිලධාරියෙකු අතර ඇති වූ ගැටුමකට අදාළ CCTV දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ මේ වන විට සංසරණය වනවා. මෙම සිදුවීම වරකාපොළ දුම්මලදෙණිය ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලේ ඇති වූ සිද්ධියක් බව පොලිසිය පවසනවා. ආරක්ෂක රාජකාරීවල නිරතව සිටි යුද හමුදා ලුතිනන්වරයෙකු සහ පොලිස් නිලධාරියෙකු අතර […]

අද දිවයිනට ළඟාවීමට නියමිත වූ පෙට‍්‍රල් නෞකාව පැමිණීම දිනයකින් ප‍්‍රමාද වී තිබෙනවා. බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මේ බව සඳහන් කලේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින්. අද උදෑසන පැමිණීමට නියමිතව තිබූ ඔක්ටේන් 92 වර්ගයේ පෙට‍්‍රල් මෙටි‍්‍රක් ටොන් 40,000 ක් අඩංගු මෙම නෞකාවේ ප‍්‍රමාදයට හේතුව සම්බන්ධයෙන් අමාත්‍යවරයා කරුණු දක්වා නැහැ. අද සහ හෙට පෙට‍්‍රල් බෙදා […]

පසුගිය ජුනි 09 වනදා සහ 10 වනදා සිදු කළ විරෝධතා සම්බන්ධයෙන් මරාදාන පොලිස්ථානයට බාරවීමෙන් පසු අත්ඩංගුවට ගත් සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර, රංගන ශිල්පී ජගත් මනුවර්ණ, සමාජමාධ්‍ය ක්‍රියාකරු රැට්ටා, රංගන ශිල්පී ජෙහාන් අප්පුහාමි ඇතුළු 07 දෙනා ලබන මස 01 දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.