සියලුම වර්ගවල ඩීසල් සහ පෙට්‍රල් ලීටරයකින් රුපියල් දහයක ඉන්ධන බද්දක් පැනවීමට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය කැබිනට් මණ්ඩලයට යෝජනා කර තිබෙනවා. ඒ, මාර්ග නඩත්තු අරමුදල වෙනුවෙන්. මෙම බද්ද අය කිරීමට යෝජනා කර ඇත්තේ යතුරුපැදි ද ඇතුළු සියලුම වාහනවල ආදායම් බලපත්‍ර ලබා ගැනීමේ දී අය කිරීමට යෝජිත රුපියල් සියයක මාර්ග නඩත්තු ගාස්තුවට […]

අප්‍රේල් 14 වන දිනට යෙදී ඇති සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවය නිමිත්තෙන් දිවයින පුරා පිහිටි සියලුම සිල්ලරට මත්පැන් විකිණීම සඳහා සුරාබදු බලපත්‍ර ලත් මත්පැන් හල් වසා තැබිය යුතු බවට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. නමුත් සුරාබදු රාබි 07 සහ විශේෂ බුටික් විලා බලපත්‍ර ලත් හෝටල් වල […]

යුරෝපයට පැන යාමේ අදහසින් කූඨ ලෙස  සකස් කළ ඩොමිනිකානු ජනරජයේ ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් ශ්‍රී ලංකාවට ඇතුළු වීමට තැත් කළ ඉරාක  ජාතික තරුණයෙකු සහ ඔහුගේ පියා අද (07) යළි පිටුවහල් කිරීමට කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගෙන තිබේ . මොහු 18 හැවිරිදි ඉරාක ජාතික තරුණයෙකි […]

අවුරුදු උත්සව සංවිධානය කිරීමේදී ‘ලිස්සන ගස’ පිළිබඳ වැඩි සැලකිල්ලක් දැක්විය යුතු බවත් එමගින් අනතුරක් සිදු වූයේ නම් එහි වගකීම උත්සවයේ සංවිධායක මණ්ඩලයට මුළුමනින්ම පැවරෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පැවසීය. ලිස්සන ගස් සවි කිරීමේදී නියමිත ප්‍රමිතීන් අනුගමනය කළ යුතු අතර, ලිස්සන ගසක් කඩා වැටී යම් […]

ගාලු මුවදොර දෙස සිට කොල්ලුපිටිය දෙසට අධික වේගයෙන් ධාවනය වූ මොටර් රථයක් වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ මං තීර වෙන්කරන මැද පිහිටි බැම්මෙහි ගැටී අද (07) සවස සිදු වූ අනතුරින් මෝටර් රථය ගිනිගෙන විනාශ වී ඇතැයි කොල්ලුපිටිය පොලීසිය පවසයි . ගින්නෙන් ජීවිත හානි කිසිවක් සිදුව නොමැති අතර මෝටර් රථයට […]

මතක තියෙන විදියට නම් කතාබහට ලක්වන ආකාරයට මුලින්ම දේශපාලන වේදිකාවට පය තියපු ප්‍රසිද්ධම ක්‍රිකට් ක්‍රීඩකයා වුණේ අර්ජුන රණතුංගය. ඔහු පැමිණියේ තම පියා සහ සහෝදරයන් දේශපාලනයට නෑකම් කී සබඳතාව මුල්කොට වුවද මනාප ලකුණු කරන විෂයේදී තැන ලැබුණේ ඔහු නොම්මර එකේ ක්‍රිකට් ක්‍රීඩකයකු වූ නිසාය. ඒ කාලේ අර්ජුන රණතුංගව ක්‍රිකට්වලට ප්‍රිය කරන […]

  ලෝක බැංකුව ප්‍රකාශ කරන්නේ, ශ්‍රී ලංකාවේ දියාරූ දේශපාලන තත්ත්වය රටේ ආර්ථික දැක්ම සඳහා සැලකිය යුතු අවිනිශ්චිතතාවයක් ඇති කරන බවයි. ඔවුන් පෙන්වාදෙන්නේ, ණය තිරසරභාවය යථා තත්ත්වයට පත් කිරීම සදහා බාහිර මෙන්ම ඇතැම් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම ද අවශ්‍ය වනු ඇති බවය. සිය නවතම වාර්තාව මඟින් ලෝක බැංකුව පෙන්වා දී ඇත්තේ 2023 […]

කැලණිය විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර පීඨයේ මහාචාර්යවරයෙකු වන මහාචාර්ය පැට්‍රික් රත්නායක වෙත මහර මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබෙනවා. ඒ, කැලණිය විශ්වවිද්‍යාලයේම ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකුගේ හිසට වෙඩි තබා ඝාතනය කරන බවට තර්ජනය කිරීම සම්බන්ධයෙන්. මෙම සිදුවීම සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 2092/18B යටතේ පවරා ඇති නඩුව පසුගිය මාර්තු 28 විභාගයට ගත් අවස්ථාවේ මහේස්ත්‍රාත් අධිකරණ […]

දෙමෝදර, ආරුක්කු 9 පාලම පුරාවිද්‍යා උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර ඇති බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග පවසනවා. එම පාලම සංරක්ෂණය කර සංචාරක සංවර්ධන කටයුතු සඳහා දායක කරගැනීම සම්බන්ධයෙන් මධ්‍යම සංස්කෘතික අරමුදල හා එක්ව කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

ඉන්ධන පිරවුම්හල් 40ක ඉන්ධන අලෙවිය අත්හිටුවීමට තීරණය කර ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කරනවා. ඒ, QR කේතයට පරිබාහිරව දිගින් දිගටම ඉන්ධන අලෙවිය සිදුකරන ලද ඉන්ධන පිරවුම්හල්වලටයි. අමාත්‍යවරයා මෙම තීරණය ගෙන ඇත්තේ, ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ තොග ගබඩා පර්යන්තයේ පාලන අධිකාරිය සහ නිලධාරීන් සමග ප්‍රගති සමාලෝචන හමුවකදීයි. ඊට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.