හෙට (07) මහ සිකුරාදා දින රජයේ නිවාඩු දිනයක් වුවත් දිවයින පුරා සියලු සුරාසැල් විවෘත කර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එමෙන්ම, සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් අප්‍රේල් මස 13 හා 14 යන දිනයන්හි දී පමණක් සුරාසැල් වසා තැබෙන බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

සමස්ත ලංකා සමෘද්ධි බැංකු මහ සංගම් සහ කාර්යාල නිලධාරී සංගමය ප්‍රකාශ කරන්නේ, සිය ඉල්ලීම්වලට නිසි විසඳුම් නොලැබීම හේතුවෙන් අද (06) දින අසනීප නිවාඩු වාර්තා කරන බවයි. එම සංගමයේ සභාපති එන්.ඒ.එම්.අයි.බී.අබේසිංහ සඳහන් කළේ, සමෘද්ධි සේවක සංයුතිය සහ දීමනා ගැටලුවක් මුල් කරගනිමින් ඔවුන් එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරත වන බවය. එන්.ඒ.එම්.අයි.බී.අබේසිංහ වැඩිදුරටත් සඳහන් […]

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන් රැසක් මේ වන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහට සමීප වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සඳහන් කරයි. ඔවුන් මහින්ද රාජපක්ෂ ඇතුළු පොදු ජන පෙරමුණෙන් දුරස් වී දැන් කටයුතු කරමින් සිටින බව ද හෙතෙම පැවසීය. එමෙන්ම සමගි ජන බලවේගයේ මන්ත‍්‍රි පිරිසක්ද ජනාධිපතිවරාට සමීව […]

ඉදිරි දින කිහිපය තුළ රටේ ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක් මතුව තිබෙන බව ඛණිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය සඳහන් කරයි. ඊට මූලික හේතුව ලෙස එම සංගමය පෙන්වා දෙන්නේ තෙල් සංස්ථාවේ අලෙවි කළමනාකරු හා ප්‍රාදේශීය කළමනාකරුවන් චෙක්පත් වලට ඉන්ධන ඇණවුම් ලබා දෙන බවට දැනුම් දී තිබියදී එහි මුල්‍ය ප‍්‍රධානියෙකු විසින් ඉන්ධන ඇණවුම් මුදල්වලට […]

2023 මහ කන්නයේ දී රජය පොහොර බෙදා හැරීමේ වැඩ පිළිවෙළින් ඉවත්ව එම කටයුතු පෞද්ගලික  අංශයට බාර දෙන බවත් ‍ ගොවීන්ට රසායනික පොහොර, කාබනික පොහොර, බීජ වර්ග හා අනෙකුත් කෘෂි යෙදවුම් මිල දී ගැනීම සඳහා මූල්‍ය සහනාධාරයක් දෙන  බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය. ඒ සඳහා සෑම ගොවියකුටම QR ඛේතයක්  ලබා […]

ඉදිරි කාලයේ දී කැබිනට් සංශෝධනයක් ඇති වී සෞඛ්‍ය ඇමති තනතුර ලැබුණොත් එය භාර ගන්න සූදානම් යැයි කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පැවසීය. මන්ත්‍රීවරයා එසේ පැවසුවේ බණ්ඩාරගම ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක සංචාරය නිමවා මාධ්‍යයට අදහස් පළ කරමිනි. එහෙම කියන්නේ මාධ්‍යයෙන් එන විදිය බලලා තමයි සූදානම් නැද්ද කියන්නේ කොහොම වුණත් වුණත් මට සෞඛ්‍ය […]

උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම සඳහා පත් කර ඇති විශේෂ පාර්ලිමේන්තු කාරක සභාවේ දී කලහකාරී ලෙස හැසිරී එහි කටයුතුවලට බාධා කලේ යයි සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ එම කාරක සභාවෙන් එළියට යැවීමට එම කාරක සභාවේ සභාපති අධිකරණ බන්ධනාගාර ව්‍යවස්ථා කටයුතු ඇමති ආචාර්ය විජයදාස රාජපක්ෂ ඊයේ දිනයේ පියවර ගෙන ඇත. මෙම […]

කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පොලිස් කොස්තාපල්වරයකු හඳුනානොගත් මත් කරල් 56 ක් සමඟ අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස දූෂණ මර්දන අංශය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරු එහි භෝජනාගාරයට අනුයුක්තව සේවය කරන්නෙකි. සැකකරු සන්තකයේ මත්ද්‍රව්‍ය තිබෙන බවට කළුතර පොලිසියට ලද තොරතුරක් අනුව ජේ එස් එම් බට නිවාසයේ අංක 10 දරණ කාමරයේ රැඳී සිටියදී සැකකරු […]

විදුලි ගාස්තු 30%කින් අඩු කළ යුතු යැයි ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක පැවසීය. විදුලි ඉල්ලුමේ අඩු වීම, ඩොලරයේ අගය අඩු වීම හා ඉන්ධන සහ ගල් අඟුරු පිරිවැය අඩු වීම හේතුවෙන් විදුලි ගාස්තු ද ඊට සමාන ලෙස අඩුවිය යුතු බව හෙතෙම කීය. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එම කොමිෂන් […]

ශ්‍රී ලාංකික තරුණයන් වෙනුවෙන් වැඩි   රැකියා අවස්ථා ලබා දීමට දකුණු කොරියාවේ  ප්‍රමුඛ පෙළේ  සමාගමක් වන ‘හුන්ඩායි’ (Hyundai)  තීරණය කර ඇත.එම සමාගමේ  ඉහළ පෙළේ නියෝජිත පිරිසක් නියෝජ්‍ය කතානායක  අජිත් රාජපක්ෂ හමුවූ අවස්ථාවේදී මෙම තීරණය දැනුම් දුන්හ. නියෝජ්‍ය කතානායකවරයාට මෙම දැනුම්දීම කළේ  දකුණු කොරියානු රැකියා සදහා  ශ්‍රී ලාංකික තරුණයන් තෝරා ගැනීමේ සම්මුඛ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.