විමල් විරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරු අමාත්‍ය ධූරවලින් ඉවත් කිරීම ආණ්ඩුවේ ප්‍රතිපත්තිමය තීරණයක් බවත් එය ජනාධිපති ගොඨාභය රාජපක්‍ෂ මහතාගේ තනි තීරණයක් නොවන බවත් ප්‍රවාහන කැබිනට් අමාත්‍ය දිලුම් අමුණුගම මහතා අද (4) පස්වරුවේ පැවසීය.

කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනකු ඉවත් කිරීම රටෙි පවතින අර්බුදකාරී තත්ත්වය මඳකට අමතක කර ජනතාවගේ අවධානය වෙනතකට යොමු කිරීමට කරන ලද උත්සාහයක් බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා අද (4)පැවසීය.

අමාත්‍යාංශ සංශෝධනය යටතේ කැබිනට් අමාත්‍යවරු දෙදෙනෙක් හා රාජ්‍ය අමාත්‍යවරු දෙදෙනෙක් අද (04) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ එකාධිපති ලේකම් කාර්යාලයේ දී දිවුරුම් දී ඇත.

රුසියන් හමුදා කීව් අගනුවර වටලා දිගට හරහට පහර දෙද්දී, කීව් අගනුවර සත්වෝද්‍යානයේ සතුන් පෝලන්තයට රැගෙන යෑමට සත්වෝද්‍යාන බලධාරීහු සහ සේවකයෝ කටයුතු කළහ.

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා පවත්වා, අර්බුදය විසඳා ගැනීමට තමන් සූදානම් යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.

ලංකාවෙි පහළ සහ මැද කොටසේ වගා කරන තේ රුසියාව සහ යුක්රේනය යන රටවල් දෙකටම අපනයනය කරන හෙයින් එහි යුද්ධය ලංකාවෙි තේ කර්මාන්තයට බලපෑමක් ඇති කරනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

තංගල්ල, නාකුළුගමුව ඉහළගොඩ ප්‍රදේශයේදි රුපියල් කෝටි හතර හමාරක් පමණ වටිනාකමෙන් යුක්ත වාහන තුනකින් ගිය පස් දෙනකුට අයත් වාහන තුනක් ගිනි ගෙන විනාශ වී ඇති බව තංගල්ල මූළස්ථාන පොලිසිය පවසයි.

තමා සහ උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේදී ඉදිරියේදී කටයුතු කරන ආකාරය ගැන පක්ෂ නායක රැස්වීමේදී අද තීරණය කරන බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

බණ්ඩාරගම නගරයේ දී සුඛෝපභෝගී ජීප් රථයක ගැටීමෙන් අනතුරට පත්ව තුවාල ලබා, සිහි විසඥව මහා මාර්ගයේ වැටී සිටි වඳුරෙකුට මූලික ප්‍රතිකාර ලබාදී ප්‍රකෘති තත්ත්වයට පත්කරලීමට වාද්දුවේ තරුණියක්, සිය නැගණිය සමග පියවර ගත්හ.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.