සමගි ජන බලවේග කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න ට අමාත්‍ය ධුරයක් ලබා දෙන්නේ නම් එම දිස්ත්‍රික්කයේම පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන ට ද අමාත්‍ය තනතුරක් ලබා දිය යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉල්ලීමක් කර තිබේ. ‘රෝහිතට නොදී රාජිතට විතරක් අමාත්‍යධුරයක් දෙන්න එපා’ යයි ජනාධිපතිවරයා ගෙන […]

ලබන මාසයේ නව දේශපාලන පක්ෂයක් පිහිටුවීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක බදුල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය. එය එක්සත් ජනරජ පෙරමුණ ලෙස නම් කර ඇති බව ඔහු සදහන් කළේ ය. ඒ මහතාගේ ප්‍රකාශය පහතින්, “ලබන මැයි මාසයේ නව ‌දේශපාලන පක්ෂයක් රටේ පිහිටුවනවා. මොකද මේ රට මේ […]

සමාජ මාධ්‍ය උපයෝගී කර ගෙන සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් ආණ්ඩුවට යන බවට වන ව්‍යාජ පුවත් මවමින් රටේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය දෙකඩ කිරීමේ කුමන්ත්‍රණයක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ආරම්භ කර ඇති බවත් එක් මන්ත්‍රීවරයෙක්ම ලක්ෂ 2000ක් ලබා දී මුදලට බා ගැනීමේ උත්සාහයක නිරත වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය. රට […]

පළාත් පාලන මැතිවරණයට වෙන් කර ඇති මුදල් මැතිවරණ කොමිෂන් සභාව වෙත ලබාදීමට මුදල් අමාත්‍යාංශ හා භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන දින 7ක් තුළ කටයුතු නොකළොත් විපක්‍ෂයේ සියලු පක්‍ෂ ඔහුට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යන බව නිදහස ජනතා සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස් පැවසීය.   ඔහු ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය පරිදි මැතිවරණ කොමිෂන් […]

රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානී ලියනගේ මහත්මිය, 2023 පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව දැනට මුද්‍රණය කර ඇති තැපැල් ඡන්ද පත්‍රිකා සඳහා අවශ්‍ය මූල්‍ය ගෙවීම් සිදුකරන තුරු මැතිවරණ කොමිසමට භාරදිය නොහැකි බව එම කොමිසමට දැනුම් දී තිබේ. මේ වනවිට දිස්ත්‍රික්ක 17කට අදාළව ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන් නමුත් ඒවා යළි පරීක්ෂා කිරීම පොලිස් […]

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ හමුවක් පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන් පක්ෂ මූලස්ථානයේදී අද (17) පැවැත්වුණි. මෙහිදී පළාත් පාලන ඡන්දය පිළිබඳව හා මැයි දින රැළිය පිළිබඳව මූලික වශයෙන් අවධානය යොමු වූහ. පළාත් පාලන ඡන්දයට පක්ෂයේ ඡන්ද පදනම තවදුරටත් ශක්තිමත් කරගෙන යාම හා 19 වනදායින් පළාත් පලාන […]

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන නිකුත් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව මුදල් ඇමති පත්කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ලිඛිතවම ඉල්ලීමක් කළ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතීඥ නිමල් ජී. පුංචිහේවා සඳහන් කරයි. පළාත් පාලන මැතිවරණයට අදාළ ප්‍රතිපාදන නිකුත් කිරීම සඳහා සෘජුව තීරණයක් ගැනීමට නොහැකි බවත් ඒ සඳහා […]

නැවත වතාවක් අගමැති ධූරය ලබා ගැනීමේ මෙහෙයුම ආරම්භ කරමින් හිටපු අගමැති මහින්ද රාජපක්ෂ අද (12) දිනයේදී මොනරාගල දිස්ත්‍රික් පොදුජන පෙරමුණු රැලියට සහභාගී විය. හිටපු අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ විසින් මෙම දිස්ත්‍රික් සමුලුව සංවිධාන කර තිබුණි. අද රැලියට හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ජනතාව අතරින් පැමිණියේ මෙසේය.

පසුගිය පාලන සමයේදී වරිග සභාවේ සාටකයින් පස් දෙනෙක් ඇමැති මණ්ඩලයේ සිටිමින් නාටක පහක් රඟ දැක්වීමෙන් ජනතා අපේක්ෂාවන් බිඳී ගිය බවත් එම නාටකම රට දරුණු ආර්ථික අර්බුදයක් කරා තල්ලු කර දැමීමට හේතු වූ බවත් පා.ම. විමල් වීරවංශ පවසයි. ඔහු මේ බව පවසා සිටියේ නිදහස් ජනතා සන්ධානය පළාත් පාලන මැතිවරණය කල් දැමීමට එරෙහිව […]

නැවත වතාවක් අගමැති ධූරය ලබා ගැනීමේ මෙහෙයුම ආරම්භ කරමින් හිටපු අගමැති මහින්ද රාජපක්ෂ හෙට (12) දිනයේදී මොනරාගල දිස්ත්‍රික් සමුලුවට සහභාගී වීමට නියමිතය. හිටපු අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ විසින් මෙම දිස්ත්‍රික් සමුලුව සංවිධාන කර ඇති බව වාර්තා වේ. පසුගිය දිනෙක රාජපක්ෂ පවුලේ නැගනියකගේ කොළඹ නිවසේ රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වී ඇති අතර එහිදී මහින්ද […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.