රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව  වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය සංවිධානය  කළ දැවැන්ත විරෝධතාවයක් කොළඹ වරාය ප්‍රධාන පිවිසුම අසල ඔරලෝසු කණුව ඉදිරිපිට දී  (23) පැවැත්විණි.මෙම විරෝධතාව සඳහා විශාල පිරිසක් සහභාගී වී සිටි අතර, ඒ හේතුවෙන් කොළඹ පලමු හරස් වීදිය හා එන්.එච්.එම් අබ්දුල් කාදර් මාවත සම්පූර්ණයෙන්ම අවහිර වී තිබිණි.’හොරු රකින – […]

රට පුරා පිහිටි රෝහල් ගණනාවක සේවය කරන රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සමාජිකත්වය දරණ වෛද්‍යවරුන් (23) දින දහවල් කැම පැයේ උද්ඝෝෂණයක නිරත විය.උපයන විට ගෙවන බද්ධෙන් සෞඛ්‍ය සේවය නිදහස් කිරිම , බැංකු ණය පොලි අනුපාත අඩු කිරිම විදුලි බිල අඩු කිරිම, රෝගින්ට ලබා දෙන ඖෂධ , ආහාර සහ පරික්ෂණ ප්‍රමාණවත්ව ලබාදිම […]

Divide And Rule ( Divide and conquer ) මූලධර්මය භූ දේශපාලනය තුල වැඩියෙන්ම භාවිතා කරන උපක්‍රමයකි. මහින්ද රාජපක්ෂ මෙම තියරිය භාවිතා කොට අති සාර්ථ්ක ප්‍රථිපල අත් කරගත්තේය. මහින්ද මුලින් ප්‍රතිවාදි කඳවුර තුල අභ්‍යන්තර ගැ‍ටුම් නිර්මාණය කරනු ලබයි. ඉන්පසු ප්‍රතිවාදියා දෙපිලකට වෙන් කරනු ලබයි. පැරණි වාමාංශිකයන්, ජවිපෙ, ශ්‍රීලනිප, එජාපය, TNA අති […]

ආශු මාරසිංහගේ ස්කිල් ඩෙවෙලොප්මෙන්ට් ඒජන්සිය ජපානයට වීසා ලබා දෙන මුවාවෙන් සිදුකොට ඇති වංචාව බිලියන 2 කට ආසන්නය. එහි දල සටහනක් පහත පරිදිය. අයෙකුගෙන් ලක්ෂ 1.5 බැගින්, සාත්තු සේවක වෘත්තිය සඳහා  පුද්ගලයන්-  866 අයෙකුගෙන් ලක්ෂ 2 බැගින්, ආහාර සේවා වෘත්තිය සඳහා පුද්ගලයන්-  660 අයෙකුගෙන් ලක්ෂ 3 බැගින් තොරතුරු තාක්ෂණ ඉංජිනේරුවන්-  15 […]

මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ පොහොට්ටු සභාපති සමන්ත ස්ටීවන් රුපියල් ලක්ෂ 20 ක අල්ලසක් ලබා ගනිමින් සිටියදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමමිශන් සභාවේ නිලධාරීන් විසින් අද (13) දහවල් අත්අඩංගුවට ගෙන තිබේ. මාවනැල්ල වලකඩ ප්‍රදේශයේ ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා එම සැලසුම අනුමත කිරීමට මෙම අල්ලස් මුදල ලබාදෙන අතර මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත. වලකඩ […]

දේශපාලන රැස්වීමක් අතරතුර අසනීප වී අද (ජන. 13) අලුයම හදිසියේ මියගිය හිටපු බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය රෙජිනෝල්ඩ් කුරේගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකරන ලෙස ඔහුගේ බිරිඳ වන චන්ද්‍රිකා ප්‍රියංගනී කුරේ, කළුතර ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක එස්.ඒ. කුමසාරුගෙන් ඉල්ලා සිටියා ය. ඇය එසේ ඉල්ලා සිටියේ, කළුතර රෝහලේ හදිසි මරණ […]

පලාත් පාලන මැතිවරණයට තරඟ කිරීම ඉලක්ක කර ගනිමින් ‘නිදහස් ජනතා සන්ධානය’ නමින් නව සන්ධානයක් අද පිහිටුවන ලදී. මෙම නව සන්ධානයේ මැතිවරණ ලකුණ හෙලිකොප්ටරයයි. ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ දී දේශපාලන පක්ෂ 12 ක් සහ තවත් පාර්ශව 62 ක සහභාගිත්වයෙන් යුතුව මෙම නව සන්ධානය පිහිටුවා ඇත්තේ සභාපති මණ්ඩලයක් […]

කොළඹ මහ නගර සභාව නියෝජනය කරන මන්ත්‍රීවරු අතිමහත් බහුතරයක් අද විපක්ෂ නායක කාර්යාලයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවී සාකච්ඡා කරනු ලැබීය. ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී සමගි ජනබලවේගය සමග එක්ව කටයුතු කිරීමටත් සමගි ජනබලවේගයේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කිරීමටත් එහිදී මෙම පිරිස විපක්ෂනායකවරයාට සහතික විය. මීට අමතරව අද පෙරවරුවේ මහරගමින් කඩුවෙලින් අත්තනගල්ලෙන් එජාප […]

එළැඹෙන පළාත් පාලන මැතිවරණයේදී කොළඹ නගරාධිපති ධුරයට තරග කිරීමට සමගි ජනබල පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් සූදානම් වෙයි. පක්ෂ අභ්‍යන්තර මේ පිළිබඳව සාකච්ඡා පැවැත්වෙන අතර මන්ත්‍රීවරයා ද ඊට අකමැත්තක් පල කර නැත. කෙසේ නමුත් පළාත් පාලන මැතිවරණය ආණ්ඩුව විසින් කල් දැමීමට කටයුතු කරයි ද යන්න පිළිබඳව මන්ත්‍රීවරයා දෙගිඩියාවෙන් පසුවෙයි. පළාත් පාලන […]

“ඡන්දය කල්දැමීම සඳහා ආණ්ඩු දරණ සියලු ප්‍රයත්න පරාජය කරලා ජාතික ජන බලවේගය මේ මැතිවරණයට තරඟ වදිනවා. ඒ වගේම සුවිශේෂී ජයග්‍රහණයක් අත්පත් කර ගන්නවා. එම ජයග්‍රහණය ලංකා ඉතිහාසයේ විශාලම දේශපාලන හැරවුම සිදුවන සුවිශේෂීම පරිවර්තනය සිදුවන මැතිවරණය බවට පත්වේවි. ඒ වෙනුවෙන් සියලු දෙනාට පෙළගැසෙන ලෙස අපි ඉල්ලනවා.” යැයි ජාතික ජන බලවේගයේ නායක […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.