පසුගිය සතියේ අමාත්‍යාංශ වල ප්‍රගතිය පිලිබද කැදවූ රහස්‍ය වාර්තාවේ බහුතර අමාත්‍යාංශවල ප්‍රගතිය, කාර්යක්ෂමතාව හා ඵලදායීතවය ඉතාම අවම මට්ටමක පවතින බව වාර්තා විය. ඊට මූලිකම හේතුව අත්දැකීම් අඩු අමාත්‍යවරුන් පත්කිරීම හා කොතරම් ජේශ්ඨයින් වුවත් සමහරුන්ට තම අමාත්‍යාංශවල ඇති ගැටළු විසදාගැනීමට පවා නොහැකිවී ඇතැයි එම වාර්තාවෙන් පෙන්වා දී ඇත. තවද ඔවුන් ජනතා ප්‍රශ්න […]

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ පුත්‍රයා වන උවිදු විජේවීර විසින් නව දේශපාලන පක්ෂයක් පිහිටුවා තිබේ. එම පක්ෂය ‘දෙවන පරපුර’ ලෙස මැතිවරණ කොමිසන් සභාවේ ලියාපදිංචි කර ඇත. ඔහුගේ පක්ෂය ඇතුළු නව පක්ෂ හතක් ලියාපදිංචි පක්ෂ ලෙස පිළිගැනීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇත. ඒ අනුව මෙරට ලියාපදිංචි දේශපාලන පක්ෂ සංඛ්‍යාව 79 […]

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කර ප්‍රතිසංවිධානය කරමින් සිටියදී ඇතැමුන් පක්‍ෂ නායකත්වයට දයාසිරි ජයසේකර පත්වීමේ වැයමක් ඇති බවට බිය වී ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සඳහන් කරයි. නමුත් තමන් කිසිම අවස්ථාවක නායකයාගේ කකුලෙන් ඇද කටුව ගසන අයකු නොවන බවද ඔහු පැවසීය. අද වන විට ශ්‍රී […]

තමන්ට අගමැතිකම ලබාදෙන ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ලිපියක් යැවුයේ තමාගේ තනි මතයට නොව පක්ෂයේ සියලු දෙනාගේ අදහස මත බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරයි. ඒ හැර තමන් මල් වට්ටියක් රැගෙන ගොස් අගමැති කම ලබා ගැනීමට ඉල්ලුම් පතක් කිසිදිනෙක ඉදිරිපත් නොකල බවද හෙතෙම කියා සිටියේය. රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ දින […]

තමන් මන්ත්‍රීවරයෙක් නොව අමාත්‍යවරයෙක් නිසා ‘ඇමතිතුමා’ කියා කතා කරන්නයි රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක  අද පාර්ලිමේන්තුවේදී කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේය. ඔහුට පාර්ලිමේන්තුවේ අදහස් දැක්වීම සඳහා වෙලාව ලබාදීමේදී කතානායකවරයා ‘කතාකරන්න මන්ත්‍රීතුමා’ යැයි ආරාධනා කළ අවස්ථාවේ ඔහු මෙසේ පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහට පින් සිදුවෙන්න තමන්ට රාජ්‍ය අමාත්‍ය ධුරයක් ලබාදී ඇති නිසා තමන්ට ඇමතිතුමා ලෙස […]

එදා කර්මාන්ත ඇමැති ලෙස, බියගම යූරියා කර්මාන්ත ශාලාව පාඩු ලබන තත්ත්වයට පත්කර විකුණා දැමූ, යභපාලන ආණ්ඩුවේ අගමැතිවරයා ලෙස, ශ්‍රී ලංකාවේ සමස්ත ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ණය ප්‍රමාණය වන ඩොලර් බිලියන 17න් අවුරුදු හතරහමාරකට ඩොලර් බිලියන 12.5ක්ම ලබගත් වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහගේ “වැදි බණවලින්” පවතින ආර්ථික අර්බුදය ජයගත හැකි යැයි උත්තර ලංකා […]

හිටපු ජනාධිපතිවරයෙකු වන මහින්ද රාජපක්ෂට 2,578 ක පෞද්ගලික කාර්ය මණ්ඩලයක් සිටි බවත් මෛත්‍රිපාල සිරිසේනට එම කාර්ය මණ්ඩලය 1,317 ක් සිටි බවත් අනාවරණය වී ඇත. තොරතුරු දැන ගැනීමේ පනත යටතේ “අද” පුවත්පතේ මාධ්‍යවේදී රාහුල් සමන්ත හෙට්ටිආරච්චි මෙම තොරතුරු හෙළිකර ඇති අතර විකල්ප ප්‍රතිපල්ති කේන්ද්‍රය 2019 දී ජනාධිපති ලේකම් කාර්යාලයෙන් එම තොරතුරු […]

පවතින ආර්ථික තත්ත්වය මත මැතිවරණයක් පැවැත්වීමට සුදුසු වාතාවරණයක් අද රට තුළ තිබෙනවාද යන්න සලකා බැලිය යුතු යැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි. ඇමතිවරයා පෙන්වා දෙන්නේ ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩුව රට ගැනීමට කටයුතු කරමින් සිටින විට අභියෝග භාර ගත නොහැකි විපක්ෂයේ පිරිස් රට තව තවත් අරාජික කිරීමට කටයුතු කරමින් සිටින […]

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්වරයා ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති, හිටපු නියෝජ්‍ය කථානායක සහ රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල පත්කර ඇත. 2022 නොවැම්බර් 21 වැනි දින කොළඹ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවති පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේනගේ යෝජනාවෙන් සහ මධ්‍යම කාරක සභාවේ […]

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයට යළි පත් කිරීම සඳහා අභ්‍යන්තර දේශපාලන සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වෙයි. මෛත්‍රිපාල සිරිසේනට එරෙහිව නඩු තුනක් විභාග වීම වැනි කාරණා නිසා තව දුරටත් පක්ශ නායකත්වයේ සිටිය නොහැකි බව මෙම රැස්වීමේදී සාකච්ඡාවට ලක්වී ඇත. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගේ නිවසේ දී මෙම සාකච්ඡාවට නිමල් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.