ප්‍රජාතන්ත්‍රවාදයේ පියා ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නම් කලයුතු යයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් රාජපක්ෂ සඳහන් කරයි. හැට නම ලක්‍ෂයක ජන වරමින් බලයට පත්වී විධායක බලයද අතේ තබාගෙන කිසිදු ජනතා හිංසන ක්‍රියාවක් සිදු නොකළ බවද ඔහු පැවසීය. ජනතාවට පහර දී මරා තමනට බලයේ රැදී සිටීමට උවමනා නැතැයි […]

විසිදෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 178 කින්  සංශෝධන සහිතව සම්මත විය. පනතට පක්ෂව ඡන්ද 179ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ එක් ඡන්දයක් පමණි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් වීරසේකර පමණක් පනතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීම විශේෂත්වයකි. ඡන්දය විමසන අවස්ථාවේදී සභාවේ සිටි  ආණ්ඩු පක්ෂයේ […]

ලබන 2023 වසර වෙනුවෙන් ඉදිරිපත් කර තිබෙන විසර්ජන පනත් කෙටුම්පත අනුව ජනාධිපති ධුරය සහ තවත් අමාත්‍යංශ තුනක් දරණ රනිල් වික්‍රමසිංහ යටතට රුපියල් කෝටි 103,927ක් ( රුපියල් බිලියන 1039.27) වෙන් කර ගෙන තිබේ. එම විසර්ජන පනත අනුව 2023 වර්ෂය වෙනුවෙන් මුලු වෙන් කිරීම්වල එකතුව රුපියල් කෝටි 365,726 (රුපියල් බිලියන 3,657.26) ක් […]

රාජපක්ෂලා සහ හම්බන්තොට යනු දෙකක් නොව එකකි. ඒ තරමටම රාජපක්ෂලාට හම්බන්තොට කිට්ටුය. හම්බන්තොට රාජපක්ෂලාට කිට්ටුය. හම්බන්තොට දිස්ත්‍රික්කය රාජපක්ෂලාගෙන් උදුරා ගැනීම අමාරු දෙයක් නොව, කරන්න බැරි දෙයක් බවට පත්ව තිබිණි. විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ ජනාධිපති වීමෙන් පසුව හම්බන්තොට දිස්ත්‍රික්කය රාජපක්ෂලාගේ නොවෙනස් රාජධානිය බවට පත්විය. සත්‍ය වශයෙන්ම හම්බන්තොට යනු මෙරට අතිශයින්ම දුප්පත් දිස්ත්‍රික්ක […]

වත්මන් පාර්ලිමේන්තුව විසුරුවා හරින්නේ නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත. 22 වන සංශෝධනයට අදාළව සිදු වූ සාකච්චාවකදී මන්ත්‍රීවරුන් කළ විමසීමකට ප්‍රතිචාර ලෙස ජනාධිපතිවරයා මෙසේ සඳහන් කර ඇත. 19 සංශෝධනයෙන් ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය වසර හතරහමාරක් දක්වා වැඩි කර තිබුණද 20 වන සංශෝධනය මගින් එය […]

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ලිස් ට්‍රස්, එම ධුරයෙන් නෙරපා දැමීමේ කුමන්ත්‍රණය මේ වනවිට ආරම්භ වී ඇති බවත්, ඉදිරි දින කීපය අග්‍රාමාත්‍යවරියට තීරණාත්මක වනු ඇති බවත්, ‘ඩේලිමේල්’ වෙබ් අඩවිය පවසයි. තමන් අග්‍රාමාත්‍ය ධුරයෙන් නෙරපා දැමීමට උත්සාහ ගන්නා පාලක කොන්සවර්ටිව් පක්ෂ මන්ත්‍රීවරුන්ට ලිස් ට්‍රස් අනතුරු අඟවමින් පවසාඇත්තේ, තමන් බලයෙන් නෙරපා දැමීමට ගන්නා උත්සාහය මහ […]

කිසිවෙකුටත් බලහත්කාරයෙන් ආණ්ඩු ලබාගැනීමට ඉඩදිය නොහැකි බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි. “එක්ව නැගිටිමු ” යන මැයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධාන කරන ජන හමු මාලාවේ දෙවන අදියර අද (16) පෙරවරුවේ නාවලපිටිදීයේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවති අතර, එම අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. වැඩිදුරටත් අදහස් […]

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් දිස්ත්‍රික් මට්ටමින් සංවිධානය කරනු ලබන ‘එක්ව නැගිටිමු’ ජන රැලි මාලාවේ දෙවැන්න අද (16) ආරම්භ වුණා. ඒ නාවලපිටිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු රැස්වීම් ශාලාවේදියි. පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේගේ සම්බන්ධීකරණයෙන් මෙම රැලිය පැවැත්වෙනවා. මේ සඳහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබල දේශපාලන නායකයින් […]

“පක්ෂයේ කටයුතු සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂට අභියෝග කිරීමට කිසිවෙකුට හෝ නොහැකි” බව කෝප් කමිටු සභාපති මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර පවසයි. පොදුජන එක්සත් පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ බැවින් එම පක්ෂයේ බහුතර මෙහෙයවීම් කටයුතු සිදු කරන්නේ ද බැසිල් රාජපක්ෂ බව මහනුවර පැවති මාධ්‍ය හමුවකදී ඔහු කීය. මාධ්‍ය හමුවේ තවදුරටත් අදහස් පළ […]

කෘතීම බුද්ධි නිර්මාණය කිරීම සහ එහි ඵලදායිතාවයන් ඉහළ නැංවීම වෙනුවෙන් ලොව පුරා විද්‍යාඥයන් වෙහෙසෙනවා. ඉතින් මේ කියන්න යන්නෙත් එලෙස නිර්මාණය වූ කෘතීම බුද්ධි රොබෝ යුවතියක් ගැනයි. 🤷‍♀️ බ්‍රිතාන්‍යයේ විද්‍යාඥයන් විසින් නිර්මාණය කළ කෘතීම බුද්ධි රොබෝ යුවතියක් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලය හෙවත් සාමි මණ්ඩලය ඇමතුවා. 🤷‍♀️ එලෙස කෘතීම බුද්ධි රොබෝ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.