මීටර් 400 ඉසව්වේ වසර 23ක් පැරණි තරග වාර්තාවක් බිඳහෙළීමට කාලිංග කුමාරගේ ඊයේ (29) සමති වී තිබේ. ඒ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ජාතික මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු වාර්තා කළ දෙවැනි වේගවත්ම කාලය සටහන් කරමිනි. ජාතික මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ මීටර් 400 පිරිමි ධාවන ඉසව්වේ අවසන් තරඟය ඊයේ පැවැත්වුණි. […]

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ලහිරු තිරිමාන්න ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව අද (22) නිවේදනය කළේය. ඒ, ඔහුගේ නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමිනි. 33 හැවිරිදි වියේ පසුවන ලහිරු තිරිමාන්න ටෙස්ට් තරග 44ක්, එක්දින තරග 127ක් සහ විස්සයි විස්ස තරග 26ක් සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කර තිබේ. ඔහු සිය ක්‍රිකට් දිවිය තුළ ටෙස්ට් […]

ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ අද (16) පැවති කාන්තා මීටර 800 ධාවන ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට තරුෂි කරුණාරත්න සමත්වුණි. ඒ නව ශ්‍රී ලංකා වාර්තාවක් ද සමගිනි. ඇයට තරගය නිම කිරීමට විනාඩි 2.00.66ක කාලයක් ගතව තිබේ. එම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ගයන්තිකා අබේරත්න සමත්වුණි.  

ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කමක් ගෙනඒමට නදීෂා රාමනායක සමත්විය. එම ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර 400 ධාවන ඉසව්ව නියෝජනය කරමින් ඇය එහි රන් පදක්කම හිමිකර ගත්තාය. ඇය එම ඉසව්ව නිමකිරීමට ගතකළ කාලය තත්පර 52යි දශම 6යි 1කි.  

25 වැනි ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ පළමු දිනයේදීම පදක්කම් දෙකක්  හිමිකරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය. මෙහිදී නදීෂා දිල්හානි ලේකම්ගේ හෙල්ල විසි කිරීම කාන්තා ඉසව්වේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකා වාර්තාවක් ද සමගින් දිනා ගත්තාය. ඒ මීටර 60.93 ක දක්ෂතාවක් දක්වමින්ය. මේ අතර, මීටර 1500 කාන්තා ධාවන ඉසව්වේ ලෝකඩ පදක්කම […]

ජූනි මාසය සඳහා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග තෝරාගෙන තිබේ. විශේෂයෙන්ම ලෝක කුසලාන අවසන් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී කඩුලු 22ක් ලබා ගනිමින් ඔහු දැක්වූ දස්කම් ඊට හේතුවී තිබුණි. ඔස්ට්‍රේලියාවේ ට්‍රැවිස් හෙඩ් සහ සිම්බාබ්වේ ෂෝන් විලියම්ස් පරදවා ඔහු එම සම්මානයට පාත්‍ර වී […]

බංග්ලාදේශ එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක තමිම් ඉක්බාල් ජාත්‍යන්තර පිටියට සමු ගැනීමට තීරණය කර තිබේ. එරට මාධ්‍ය වාර්තා සඳහන් කළේ වසර 16ක ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට හදිසියේ තිත තබමින් ඉන්දියාවේදී ආරම්භ වීමට ලෝක කුසලානයට මාස තුනකට පෙර බංග්ලාදේශ එක්දින නායක තමීම් ඉක්බාල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීම ප්‍රකාශයට පත් කර ඇති බවයි. මාධ්‍ය […]

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ කාන්තා ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ පළමු ස්ථානයට පැමිණ තිබේ. ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවක ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පිතිකරණ ශ්‍රේණිගතකිරීම්හි පළමු ස්ථානයට පත්වූ ප්‍රථම අවස්ථාව ලෙස ද එය ඉතිහාසයට එක්වනු ඇත. නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය අතරතුරදී චමරි දැක්වූ දක්ෂතා අනුව […]

නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහි අද (03) පැවති තුන්වන එක්දින ක්‍රිකට් තරගය ඩක්වත් ලුවිස් න්‍යායට අනුව කඩුලු 8ක් අතැතිව ජයගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත්විය. මෙම ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමට එක්දින තරගාවලියේ සිය ජයග්‍රහණය තහවුරු කරගත්තේය. ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කාන්තා කණ්ඩායම පන්දුවාර 31කදී කඩුලු 2ක් දැවී ලකුණු 127ක් […]

මෙවර එංගලන්තයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන ඔස්ට්‍රේලියාව සමගින් වන අළු බඳුණ ක්‍රිකට් තරගාවලියේ ලබන 28 වැනිදා ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ අලෙවියට ඉදිරිපත් කර තිබෙන වටිනාකමින් වැඩිම ප්‍රවේශ පත්‍රය ඇමරිකානු ඩොලර් 954ක් ලෙස දැක්වේ. ‍එය ආසන්න වශයෙන් ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ තුනට ආසන්න අගයක්ගෙන තිබීම කැපී පෙනෙන […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.