ජූනි මාසය සඳහා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග තෝරාගෙන තිබේ. විශේෂයෙන්ම ලෝක කුසලාන අවසන් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී කඩුලු 22ක් ලබා ගනිමින් ඔහු දැක්වූ දස්කම් ඊට හේතුවී තිබුණි. ඔස්ට්‍රේලියාවේ ට්‍රැවිස් හෙඩ් සහ සිම්බාබ්වේ ෂෝන් විලියම්ස් පරදවා ඔහු එම සම්මානයට පාත්‍ර වී […]

බංග්ලාදේශ එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක තමිම් ඉක්බාල් ජාත්‍යන්තර පිටියට සමු ගැනීමට තීරණය කර තිබේ. එරට මාධ්‍ය වාර්තා සඳහන් කළේ වසර 16ක ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට හදිසියේ තිත තබමින් ඉන්දියාවේදී ආරම්භ වීමට ලෝක කුසලානයට මාස තුනකට පෙර බංග්ලාදේශ එක්දින නායක තමීම් ඉක්බාල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීම ප්‍රකාශයට පත් කර ඇති බවයි. මාධ්‍ය […]

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ කාන්තා ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ පළමු ස්ථානයට පැමිණ තිබේ. ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවක ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පිතිකරණ ශ්‍රේණිගතකිරීම්හි පළමු ස්ථානයට පත්වූ ප්‍රථම අවස්ථාව ලෙස ද එය ඉතිහාසයට එක්වනු ඇත. නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය අතරතුරදී චමරි දැක්වූ දක්ෂතා අනුව […]

නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහි අද (03) පැවති තුන්වන එක්දින ක්‍රිකට් තරගය ඩක්වත් ලුවිස් න්‍යායට අනුව කඩුලු 8ක් අතැතිව ජයගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත්විය. මෙම ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමට එක්දින තරගාවලියේ සිය ජයග්‍රහණය තහවුරු කරගත්තේය. ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කාන්තා කණ්ඩායම පන්දුවාර 31කදී කඩුලු 2ක් දැවී ලකුණු 127ක් […]

මෙවර එංගලන්තයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන ඔස්ට්‍රේලියාව සමගින් වන අළු බඳුණ ක්‍රිකට් තරගාවලියේ ලබන 28 වැනිදා ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ අලෙවියට ඉදිරිපත් කර තිබෙන වටිනාකමින් වැඩිම ප්‍රවේශ පත්‍රය ඇමරිකානු ඩොලර් 954ක් ලෙස දැක්වේ. ‍එය ආසන්න වශයෙන් ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ තුනට ආසන්න අගයක්ගෙන තිබීම කැපී පෙනෙන […]

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංගට නව තනතුරක් හිමිව තිබේ. ඒ, මුම්බායි ඉන්දියන්ස් නිව්යෝර්ක් ( MI New York ) කණ්ඩායමේ පන්දුයැවීමේ පුහුණුකරුවෙක් තනතුරයි. එම කණ්ඩායම ඇමෙරිකාවේ පැවැත්වෙන මේජර් ලීග් ක්‍රිකට් (Major League Cricket -MLC) තරගාවලිය සඳහා සුදානම් කිරීමේ අරමුණෙන් මෙම තනතුර ලබා දී ති‌බේ. MLC තරගාවලිය එළඹෙන ජූලී […]

මේ දිනවල සමාජ මාධ්‍යය තුළ කුඩා දරුවෙකු පන්දුයවන ආකාරය දැක්වෙන වීඩියෝවක් සම්බන්ධයෙන් දැඩි කතාබහට ලක්වී තිබුණා. ඒ, ලොව බිහිවූ විශිෂ්ටතම පන්දු යවන්නෙක් වන ‘ලසිත් මාලිංග’ පසුගියදා සිය ෆේස්බුක් ගිණුමේ වීඩියෝවක් පළකර එම දරුවා සොයාදෙන ලෙස සිදු කර තිබූ ඉල්ලීමත් සමඟයි. දිනෙත් අනුහස් නම් මෙම පුංචි පුතා පදිංචි වී සිටින්නේ, වීරවිල […]

ඇෆ්ගනිස්තානයට එරෙහි දෙවන එක්දින තරගය ලකුණු 132ක විශිෂ්ට ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. එහිදී අගනා පන්දු යැවීමක නිරත වූ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 42 යි එක් පන්දුවකදී ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ සියලු පිතිකරුවන් දවාගැනීමට සමත්විය. ඒ අනුව ඇෆ්ගනිස්තාන සියලු ක්‍රීඩකයින් දැවී රැස්කළේ ලකුණු 191ක් පමණි. අගනා පන්දු යැවීමක නිරත වූ වනිඳු […]

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවති තුන්වැනි 20/20 ජාත්‍යන්තර තරගයෙන් විශිෂ්ඨ ජයක් හිමිකර ගැනීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සිය පන්දු ඕවර 20 තුළදී කඩුලු 3ක් දැවී ලකුණු 158ක් රැස්කළ අතර බංග්ලාදේශ කණ්ඩායම රැස්කළේ කඩුලු 7ක් […]

2023 තරග වාරය සඳහා සාර්ථක ආරම්භයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් සමත් විය. ඒ, ඔහු මේ වසරේ සහභාගිවූ පළමු ධාවන තරගයේ ප්‍රථම ස්ථානය හිමිකර ගනිමිනි. ඉතාලියේදී ඊයේ (07) පැවති ”FIRENZE SPRINT FESTIVAL” ජාත්‍යන්තර මලල ක්‍රීඩා උලෙළේ පිරිමි මීටර 200 ඉසව්ව සඳහා ශ්‍රී ලංකා කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.