පාකිස්තානයේ ඉන්ෆ්ලුවෙන්සා වයිරසය වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතී. එරට සෞඛ්‍ය අංශ බිය පළ කර ඇත්තේ, රට පුරා ව්‍යාප්ත වෙමින් පවතින්නේ ඉන්ෆ්ලුවෙන්සා ‘එච්.3එන්.2’ ප්‍රභේදය බවය. සෙසු ඉන්ෆ්ලුවෙන්සා ප්‍රභේදවලට වඩා එච්.3එන්.2 ප්‍රභේදය බිහිසුණු බවත්, ප්‍රතිශක්තිය දුර්වල පුද්ගලයන්ට එය මාරක විය හැකි බවත් සෞඛ්‍ය අංශ පැහැදිලි කර තිබේ. එන්.ඩී.ටීවී

පාකිස්තානයේ එළැඹෙන මහ මැතිවරණයට තරග කිරීම සඳහා හිටපු අගමැති ඉම්රාන් ඛාන් විසින් ඉදිරිපත් කරනු ලැබූ නාමයෝජනාව එරට මැතිවරණ කොමිසම ප්‍රතික්ෂේප කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. දැනට බන්ධනාගාරගත වී සිටින ඉම්රාන් ලබන පෙබරවාරි මාසයේ පැවැත්වීමට නියමිත පාකිස්තාන මහමැතිවරණයට තරග කිරීම සඳහා පසුගියදා සිය නීතිඥවරයා මාර්ගයෙන් නාමයෝජනා භාර දී ඇති අතර, […]

ජපානයට බලපෑ භූ කම්පනය හේතුවෙන් මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව 48 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ජපාන අගමැතිවරයා සඳහන් කර ඇත්තේ, භූ කම්පනය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවය. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, පුද්ගලයන් 1000ක පමණ දිවි බේරාගෙන ඇති බව ත් සුන්බුන් අතර […]

දකුණු කොරියාවේ විපක්ෂ නායක ලී ජේ මියාන්ග් පිහි ඇණුමකට ලක්ව ඇත. ඔහුගේ තත්ත්වය බරපතළ බවත්, දකුණු කොරියා විපක්ෂ නායක ලී ජේ මියාන්ග් බූසාන් නගරයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අතරතුරදී මෙලෙස පිහි ඇණුමකට ලක්ව ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඔහුගේ වම් ගෙල ප්‍රදේශයට මෙම ප්‍රහාරය එල්ල වී තිබේ. ප්‍රහාරය එල්ල කළ […]

ජපානයේ ටෝකියෝහි හනීඩා ගුවන්තොටුපොළේ ගුවන් යානයක ගින්නක් හටගෙන තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගින්න මැඩපැවැත්වීමේ කටයුතු තවදුරටත් සිදුකෙරන බවයි. එම ගුවන් යානය ජපාන වෙරළාරක්ෂක ගුවන් යානයක ගැටීමෙන් මෙම ගින්න හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. aruna

ඩෙන්මාර්කයේ දෙවැනි මාග්‍රෙත් රැජින, කිරුළ අත්හරින බව නිවේදනය කළාය. ඒ, එරට ජාතික රූපවාහිනිය ඔස්සේ, ඩෙන්මාර්ක වැසියන් අමතමිනි. 83 හැවිරිදි දෙවැනි මාග්‍රෙත් රැජින කිරුළ දරා සිටින්නේ වසර 52 ක් තිස්සේය. ඇය ලබන 14 වැනිදා කිරුළ අත් හරින්නේ වැඩිමල් පුතු ඔටුන්න හිමි ෆෙඞ්රික් කුමරුන්ට කිරුළ පිරිනමමිනි. බ්‍රිිතාන්‍යයේ දෙවැනි එලිසබත් මහ රැජින, 2022 […]

ජපානයේ Ishikawa ප්‍රදේශයේ ප්‍රබල භූකම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය පැවසීය. එහි තවදුරටත් සඳහන් වෙන්නේ, එහි ප්‍රබලත්වය රික්ටර් මාපක 7.4ක් බවය. aruna  

තලපති විජෙ ලංකාවට පැමිණීමට නියමිත බවට තොරතුරු වාර්තා වෙනවා. ඒ චිත්‍රපටයක රූගත කිරීමක් සඳහා බවයි සඳහන් වූයේ. ඒ අනුව වෙන්කට් ප්‍රභූ අධ්‍යක්ෂණය කරනු ලබන මෙම අලුත් චිත්‍රපටය නම් කර ඇත්තේ Thalapathy 68 ලෙස බවටයි වාර්තා වූයේ. මේ සඳහා රංගනයෙන් Yogi Babu, Prashan, Mohan, Prabhu Deva, Jayaram, Ganesh, Ajmal Ameer, Vaibhav, Premjee, […]

7kg 105g ක බරකින් යුත් දරුවෙකුගේ උපතක් පිළිබඳව චිලී රාජ්‍යයෙන් වාර්තා වෙනවා. එලෙස උපත ලබා ඇත්තේ පිරිමි දරුවෙක් වන අතර අලුත උපන් බිලිඳා Curanilahueහි රෝහලකින් Concepcion හි සෞඛ්‍ය ආයතනයකට මාරුකර තිබෙනවා. මේ වනවිට මව සහ දරුවා දෙදෙනාම යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි වැඩිදුරටත් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. Wayomi

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, Air India පරණ ගුවන් යානයක් නැගෙනහිර ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ මෝතිහාරි නගරයේ පාලමක් යට සිරවී ඇති බවයි. එරට මාධ්‍ය සඳහන් කරන්නේ, Air India ගුවන් සේවයට අයත් යානයක් අසාම් සිට මුම්බායි දක්වා ප්‍රවාහනය කරමින් තිබූ බවයි. කෙසේ වෙතත් ඉන්දියානු මාධ්‍ය හුවමාරු කරගෙන ඇති අනෙකුත් දර්ශනවල, සියලුදෙනාගේ සහය ඇතිව ගුවන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.